ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් තනතුරෙන් පහ කෙරේ
ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මාර්ක් එස්ෆර් තනතුරෙන් පහ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඇති බවයි. දැනට ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී කිස්ටෝෆර් මිලර් ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තා. මාර්ක් එස්ෆර් හා ජනාධිපති ට්‍රම්ප් අතර පසුගිය කාලය තුළ මත ගැටුම් උග්‍ර වී තිබූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ජනාධිපති ට්‍රම්ප් හට සිය ධූරයේ රැදී සිටීමට තවත් ඇත්තේ සති කිහිපයක කාලයක් වුවද ඔහු තවමත් විධායක බලතල භාවිත කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ අතර මැතිවරණ ප්‍රතිඵලවලට විරුද්ධව ඉක්මන් අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු වන බවද ධවල මන්දිරය සදහන් කරනවා.
The post ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් තනතුරෙන් පහ කෙරේ appeared first on ITN News.