දීපාවලියට උත්සව එපා; කෝවිල ඇතුළෙත් පස්දෙනෙක් පමණයි – හින්දු බැතිමතුන්ට උපදෙස්
ලබන දාහතර වනදාට යෙදී ඇති දීපාවලි උත්සවය වෙනුවෙන් ජනතාව රැස්වන කිසිදු කටයුත්තක් සංවිධාන කිරීමෙන් වැලකී සිටින ලෙස හින්දු ආගමික සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කොවිඩ් නයින්ටීන් පැතිරීමේ අවදානම හේතුවෙන් ජනතාව රැස්වන මෙන්ම අධික වාහන තදබදයක් ඇතිවන අයුරින් ආගමික උත්සව පැවැත්වීම අවධානම් වනවා. වැඩි වශයෙන් ජනතාව රැස්වූ අවස්ථාවලදී දුරස්ථභාවය රැක ගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අපහසු බැවින් උත්සව නොපවත්වන ලෙසටයි දැනුම් දී තිබෙන්නේ.
එමෙන්ම කෝවිල් තුළ රැදී සිටිය හැකි උපරිම බැතිමතුන්ගේ සංඛ්‍යාව පස් දෙනෙකුට හෝ අඩු සංඛ්‍යාවකට සීමා කළ යුතු බව ද හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්. මේ අතර දීපාවලි උත්සව සමයේදී වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පෙන්වා දෙනවා.
කොළඹ ප්‍රදේශයේ සිට හැටන් සහ ගිනිගත්හේන ප්‍රදේශ දක්වා පැමිණෙන පිරිස් යළි හරවා යැවීමට පොලිසිය ඊයේ දිනයේදී පියවර ගත්තා. එලෙස වතුකරයට ඇතුලු වන පිරිස් දින දාහතරක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව පොලිසිය පවසනවා.
The post දීපාවලියට උත්සව එපා; කෝවිල ඇතුළෙත් පස්දෙනෙක් පමණයි – හින්දු බැතිමතුන්ට උපදෙස් appeared first on ITN News.