කොරෝනා මර්ධනයේ රජයේ වැඩ ගැන විපක්ෂයෙනුත් සහතිකයක්
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විපක්ෂය ප්‍රසාදය පළ කරනවා.
ඒ සදහා තම සහය ලබාදෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම කොළඹ දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ සහ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
කොරෝනා වසංගතය හමුවේ එයට මුහුණ දිය යුතු ආකාරය පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළකළා.
The post කොරෝනා මර්ධනයේ රජයේ වැඩ ගැන විපක්ෂයෙනුත් සහතිකයක් appeared first on ITN News.