මැනිං තොග වෙළදුන් ලබන සදුදා සිට පෑලියගොඩට
කොළඹ මැනිං වෙළදපළට පැමිණෙන තොග වෙළදුන්ට පෑලියගොඩ ප‍්‍රදේශයේ නව ස්ථානයක් ලබාදීම ලබන සදුදා (16) සිට කි‍්‍රයාත්මක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප‍්‍රකාශ කළා.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් ඒ සදහා වෙන්කෙරෙනවා. මැනිං වෙළදපළ වසා දැමීමත් සමඟ දුෂ්කරතාවට මුහුණ පා සිටින වෙළදුන්ට සහන සැලසීම අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
කොරෝනා වසංගතය හමුවේ මැනිං වෙළදපළට දිනකට පැමිණෙන එළවළු ලොරි දෙසියක් පමණ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සිදුව තිබෙනවා.
The post මැනිං තොග වෙළදුන් ලබන සදුදා සිට පෑලියගොඩට appeared first on ITN News.