මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14715 දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයන් 430 දෙනෙකු ඊයේ (10) දිනයේදී හදුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත ප‍්‍රකාශකළා. ඉන් 251 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්.
ඊයේ (10) වන විට දිවුලපිටිය හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එකොලොස් දහස් එකසිය අටක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.
මේ වන විට ශ්‍රි ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දාහතර දහස් හත්සිය පහලොවක් . ඉන් 9537 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ අනුව 5137 දෙනෙකු තවදුරටත් ප‍්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඊයේ වාර්තා වූ මරණ හතරත් සමඟ මේ වන විට මියගිය සංඛ්‍යාව 41 ක්.
The post මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14715 දක්වා ඉහළට appeared first on ITN News.