කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ
කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරිමට ශි‍්‍ර ලංකා මහ බැංකුව තීරණය කළා.
කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීම සදහායි මෙම ණය පහසුකම ක‍්‍රියාත්මක වන්නේ. වාර්ෂිකව සියයට හතරක පොළී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක්ද ඇතුලත්ව මාස විසි හතරක් දක්වා ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හදුන්වා දී තිබෙනවා.
කොරෝනා දෙවන රැල්ල හේතුවෙන් බොහෝ ණයලාභීන් අපේක්ෂා කළ පරිදි ව්‍යාපාර යථා තත්වයට පත් කරගැනීම දුෂ්කර වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව ණය සදහා අදාල සහන කාලය මාස හයේ සිට මාස නවය දක්වා දීර්ඝ කිරිමටයි නියමිත.
The post කොවිඩ් ණය සහන කාලය මාස තුනකින් දීර්ඝ කෙරේ appeared first on ITN News.