ඇමෙරිකාවේ කොරෝනා හේතුවෙන් මියයන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට
ඇමෙරිකාවේ කොරෝනා වයිරසය හේතුවෙන් මියයන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ගත වූ පැය 24 ට පමණක් එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 1,345 ක්. හමු වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ තිස්පන්දහස ඉක්මවන බවයි ඇමෙරිකා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ සමඟම ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි පන්ලක්ෂ හැටදහසකට ආසන්නයි.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,635,754ක්. ගත වූ පැය 24 ට එරටින් හමු වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතළිස් පන්දහසකට ආසන්නයි. ඒ සමඟම රටවල් 217කින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්කෝටි දහඅට ලක්ෂය ඉක්මවා තිබෙනවා. වයිරසය හේතුවෙන් ජීවිත අහිමි වී ඇති සංඛ්‍යාව 1,279,531ක්.
The post ඇමෙරිකාවේ කොරෝනා හේතුවෙන් මියයන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට appeared first on ITN News.