කොරෝනා සඳහා එන්නතක් ලබන වසර මැද භාගයේදී ජනතාවට ලබාදීමට කොලොම්බියාව සුදානම්
කොරෝනා සඳහා වන එන්නතක් ලබන වසර මැද භාගයේදී තම රටේ ජනතාවට ලබාදීමට සුදානම් බව කොලොම්බියාව පවසනවා.
කොරෝනා හෙවත් කෝවිඩ් 19 වයිරසය හේතුවෙන් කොලොම්බියාවේ මියගිය ගණන තිස්තුන්දහස ඉක්මවනවා. ගත වූ මාස පහක කාලය තුළ කොරෝනා වයිරසයේ දැඩි බලපෑමක් කොළොම්බියාවට එල්ල වුණා. වයිරසයට ප්‍රතිකාර කිරීමේ අරමුණින් මෙම කාලසීමාව තුළ අත්හදා බැලූ එන්නත් ගණන විසිදෙකක්. කෙසේ වෙතත් එරට මිලියන පහළොවක් වූ ජනතාවකට ඉදිරියේදී හඳුන්වාදෙන කොරෝනා එන්නත් ලබාදීමට නියමිතයි. එරට කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇත්තේ වයස අවුරුදු හැටට වැඩි පිරිස් වීම විශේෂත්වයක්.
The post කොරෝනා සඳහා එන්නතක් ලබන වසර මැද භාගයේදී ජනතාවට ලබාදීමට කොලොම්බියාව සුදානම් appeared first on ITN News.