මහ බැංකු අධිපති කෝප් කමිටුවට කැඳවයි..
පසුගියදා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී සිදු වූ බව කියන අක‍්‍රමිකතා සෙවීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පත්කල බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති ඞීව් ගුණසේකර මහතා පවසයි.
ඊට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුත් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකුත් ඇතුලත් බවද පවසන මන්ත‍්‍රිවරයා බැදුම්කර නිකුතුවේදී සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා සොයා බැලීම කථානායකවරයා විසින් කෝප් කමිටුව වෙත පවරනු ලැබූ අතර ඒ අනුව මෙම අනුකමිටුව පත්කළ බවද කීය.
එමගින් සිදුකරන විමර්ශණයේදී මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ බැදුම්කර මිලදී ගත් ලංකා බැංකුව ඇතුළු මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලූ පාර්ශව කමිටුව හමුවට කැදවන බවද ගුණසේකර මහතා කියා සිටියේය.