ඊශ‍්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර
ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් ඇතැයි වාර්තා වේ.
මධ්‍යම ගාසා තීරයේ රෆා නගරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට එක් ප‍්‍රහාරයක් එල්ලවී ඇති අතර කාන් යුනිස් වෙතද ඊශ‍්‍රායල ගුවන් යානා විසින් පහරදී තිබේ.
පලස්තීනයේ බෙයිට් ලාහියා නගරයට ගුවන් ප‍්‍රහාර 3ක් එල්ලවූ බව පැවසේ. දකුණුදිග ඊශ‍්‍රායලයට රොකට් ප‍්‍රහාර 5ක් එල්ලවූ බව ඊශ‍්‍රායල මාධ්‍ය විසින් පසුගියදා වාර්තා කරන ලද අතර හමාස් සංවිධානය හා ඉස්ලාමික ජිහාඩය තමන් එවැනි ප‍්‍රහාරයක් එල්ල නොකළ බව පවසා ඇත.
ඊශ‍්‍රායල හමුදා ආරංචි මාර්ගවලට අනුව එක් රොකට් ප‍්‍රහාරයක් ගාන් යාව්නේ නගරයට එල්ලවී ඇති අතර කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නැතැයි පැවසේ.