News Search:
Narrowed By (Click to remove): > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

යුක්රේනයට එල්ල වු රුසියා ප්රහාර දෙකකින් ළමයින් තුන් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් ගොඩනැගිල්ලකට එක් ප්රහාරයක් එල්ල වී ඇති අතර එහි සුන්බුන් අතර සිරවුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි. විපතට පත් වූවන්ගේ සංඛ්යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ. යුක්රේන ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ […]The post යුක්රේනයට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045190983

එදා තරුණයින් කළ අයම අද තරුණයින් රට රස්සාවලට යවනවාට විරුද්ධ වෙනවා එදා කරපු විනාසය අදත් කරනවා රුපියල ශක්තිමත් වෙනකොට කඩාකප්පල්කාරීන් ඒකට විරුද්ධ මතවාද හදන්න උත්සාහ ගන්නවා ඊශ්රායලයේ කෘෂි අංශයේ රැකියා ඉලක්ක කරගත් පුහුණුව ආරම්භ කරමින් අමාත්ය මනුෂ නානායක්කාර උමංදාවේදී කියයි. රට බේරා ගැනිමට පැමිණෙන බවට පුරසාරම් දොඩන පිරිස එදා තරුණයින් හැටදහසකට දිවි අහිමි කළා සේම […]The post ඊශ්රායලයේ කෘෂි අංශයේ රැක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

ප්රාග් ඓතිහාසික යුගයට අයත් දැවැන්තම සර්පයෙකු ඉන්දියාවෙන් සොයා ගෙන තිබෙනවා. මෙම සත්ත්වයා පාසල් බස් රථයකට වඩා දිගින් යුතු බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ප්රාග් ඓතිහාසික යුගයට අයත් මෙම යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. වද වී ගිය මෙම සර්පයා මෙතෙක් ජිවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකියි. […]The post ප්රාග් ඓතිහාසික යුගයට අයත් දැවැන්ත සර්පයෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

වතුපිටිවල රෝහල ආසන්නයේ දී යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක ජිවිතක්ෂයට පත්වුණා. නිට්ටඹුව හංවැල්ල මාර්ගයේ නිට්ටඹුව දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියේ පිටුපස ගැටුනු ලොරි රථයට මෙම කාන්තාව යටවී තිබෙනවා. ඇය යතුරු පැදියේ පසුපස ගමන් කරමින් සිටියදීයි අනතුර සිදුවුණේ. ලොරි රථය අනාරක්ෂිත ලෙස බස් රථයකට ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව ඇති බව […]The post යතුරු පැදියක් හා ලොරි රථයක් එකි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

යුක්රේන නායකයා ඝාතනය කිරිමේ රුසියා කුමන්ත්රණයක් සම්බන්ධයෙන් පෝලන්ත ජාතිකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. යුක්රේන ජනාධිපති වොල්දිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමේ රුසියා කුමන්ත්රණයකට සහාය වු බවට පෝල් කේ නම් පෝලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම චෝදනාවන්ට වරදකරු වුවහොත් ඔහුට වසර 8ක සිරදඩුවම් නියම විය හැකි බව වාර්තා වනවා. යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 100ක් දුරින් ගිණිකොන […]The post යුක්රේන න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

වාහන අලුත්වැඩියා කරන ස්ථානයක මුවාවෙන් ගිණිඅවි නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට අම්බලන්ගොඩ පොලිසියට හැකිවුණා. සීනිගොඩ වතුගෙදර ප්රදේශයේ නිවසක මෙම අවි නිෂ්පාදනය සිදුකර තිබෙනවා. බෝර 12 වර්ගයේ උණ්ඩ දැමිය හැකි ගිණිඅවියක් හා ජීව උණ්ඩ දෙකක් මෙහි තිබි සොයා ගත්තා. මෙසේ අත්අඩංගුවට ගත් ගිණිඅවිය අම්බලන්ගොඩ අවට ප්රදේශයේ පසුගිය දිනවල සිදුකළ ඝාතනවලට යොදා ගත් ගිණිඅවිය ද යන්න පිළිබද සැක […]The post ගිණිඅවි නිෂ්ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06778647

පාසල් සිසුන්ට පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්රව්ය බෙදා දීම ඇරඹේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්රයේදී අද (19) ආරම්භ […]The post පාසල් සිසුන්ට පෝෂ්යදායී ආහාර වේලක් ලබාදීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

“සිංහල වේදිකා, සිනමාව හා ටෙලි නාට්ය කලාවේ” ප්රතාපවත් භූමිකාවක් රඟ දැක්වූ ප්රවීණ රංගන ශිල්පී නීල් අලස් මහතාගේ සුව දුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. නීල් අලස් මහතා කැලණි පාලම නාට්යයේ ‘චුට්ටේ‘, ‘ආඬි රැලේ නාඩගම‘ නාට්යයේ මැක්හීත් සහ ‘ධවල භීෂණ‘ නාට්යයේ […]The post ‘කලා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

ඊසි කෑෂ් ක්රමයට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ නිරත වූ සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් ලක්ෂ 6 කට අධික හොරායින් සමඟ වැලිමඩදී අත්අඩංගුවට ගැනුනා. වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්රම මහතා රාජකාරී කටයුත්තක් සදහා බණ්ඩාරවෙලට යමින් සිටියදී දඹවින්න විහාරස්ථානය අසල සැකකටයුතු ලෙස හැසිරුණු තරුණයෙකු දැක තිබෙනවා. පසුව ඔහුව පරික්ෂාවට ලක් කෙරුණා.එහිදී ඔහු පලා යාමටයි උත්සාහ […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05648873

සකුරා මල් පිපෙන ජපානය, ශ්රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්යය බවට පත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා ඔබ කළයුතු වන්නේ අප්රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්රීඩාංගනයේ පැවැත්වෙන […]The post SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090381965

ජාත්යන්තර මූල්ය අරමුදල,  ලෝක බැංකුව සහ ජී 20 සංවිධානයට අයත් රටවල් මෙහෙයවන ගෝලීය ස්වෛරී ණය පිළිබද වටමේස  සාකච්ඡාවට එක් වූ රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ  මහතා තවත් ආයතන හා නිලධාරීන් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කළා. වටමේස සාකච්ඡාව අතරතුර ජාත්යන්තර මුල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝජිවා මහත්මිය හමු වී සාකච්ඡා කිරීමට ද ශෙහාන් සේමසිංහ  මහතා ක්රියා […]The post ගෝලීය ස්වෛරී ණය පිළිබද වටමේස ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090381965

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර එම ජලාශයේ තිබි (18) දින රාත්රියේ ධිවරයන් පිරිසක් විසින් ගොඩගෙන ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පවසනවා. මෙසේ කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්යාලයේ (12) වසරේ අධ්යාපනය ලබමින් සිටි ඩයස් ප්රනාන්දු ක්ලින්ටන් (17) නැමති පාසල් සිසුවයි. […]The post කාසල්රි ජලාශයේ ගිලී අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15816844

ඉරානයේ නගරයකට මිසයිල ප්රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඊශ්රායලය විසින් මිසයිල ප්රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ. ප්රහාරය එල්ලවී ඇති ප්රාන්තයේ න්යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්ය තවදුරටත් වාර්තා කරයි. මිසයිල සහ නියමුවන් රහිත ඩ්රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්රායලයට පසුගියදා ප්රහාරයක් දියත් කළ අතර එයට ප්රතිචාර […]The post ඉරානයේ න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

පුල්මුඩේ මත්තන්කුලම වැව අසල කළ සොදිසි මෙහෙයුමකදී මත්කරල් 1229ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් එක්වයි මෙහෙයුම දියත් කළේ. ගම්පහ නයිවල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 5යි මිලි ග්රෑම් 786ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා. වයස අවුරුදු 28ක් වන මොහු උඩුගම්පොළ ප්රදේශයේ පදිංචිකරුවෙක්. අතුරුගිරිය හබරකඩ කනත්ත ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

2024 වසරේ පැරිස් හි පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා බැඩ්මින්ටන් ක්රීඩක විරේන් නෙත්තසිංහ සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව මෙවර ජාත්යන්තර තරග වාරය තුළ ඔහු ලකුණු 24,030ක් රැස්කරමින් පැරිස් ඔලිම්පික් ක්රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග අංශයට සුදුසුකම් ලැබූ ක්රීඩකයන් අතර 32 වැනි ස්ථානයට පත්ව ඇතැයි සඳහන්ය. මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවන විරේන් නෙත්තසිංහ ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන […]The post බැඩ්මින්ටන් ක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06778647

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්නරුව කන්දකාඩු ගොවිපොළේ ඉඩම් උපයෝගී කර ගනිමින් සත්ව ආහාර සදහා බඩඉරිඟු වගා කිරිමේ ව්යාපෘතියක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යංශය විසින් ක්රියාත්මක කර තිබෙනවා. නමුත් මේ සඳහා පරිසර ඇගයීම් වාර්තාව ලබා දීමට මෙන්ම දැනට එම ගොවිපළට අයත් කොටසක අලි මංකඩක් පවතින නිසාත්, ඇතැම් ස්ථානවල පුරාවිද්යාත්මක වටිනාකම් සහිත ස්ථාන පවතින නිසාත් […]The post කන්දකාඩු ගොවිප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා. මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක්. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය ද, උදෑසන 07.02ට කොළඹ කොටුව […]The post දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

බස්නාහිර, සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, උතුරු-මැද සහ ඌව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 50 […]The post ප්රදේශ රැසකට අදත් පස්වරුවේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (18) ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කෙරුණා. 1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදුවිය. අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

අභාවප්රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරු 02.00 ට මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය. පාලිත තෙවරප්පෙරුම මහතා ජීවත්ව සිටියදී ඔහුගේ නිවසේ ඉදිකරන ලද සොහොනෙහි දේහය තැන්පත් කිරීමට නියමිතව ඇත. පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය අඟහරුවාදා (අප්රේල් 16) සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090381965

ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්රී මණ්ඩලයකින් (ලොක් සභාව) සහ ඉහළ මන්ත්රී මණ්ඩලයකින් (රාජ්ය සභාව) සමන්විතය. අද (19) මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලොක් සභාවේ ආසන 543 වෙනුවෙනි. මහ මැතිවරණය, මාස 2 1/2 ක් තිස්සේ, අදියර 7 ක් යටතේ පැවැත්වෙයි. අද  (19) පළමු අදියරත්, අප්රේල් […]The post ඉන්දීය මහ මැතිවරණය අද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පවසනවා කාසල්රි වතුයායේ පදිංචිව සිටි නොර්වුඩ් දමිල මහා විද්යාලයේ 11 වසරේ අධ්යාපනය ලැබූ ඩයස් ප්රනාන්දු ක්ලින්ටන් (17) නැමති සිසුවකු මෙසේ අතුරුදහන්ව තිබෙනවා කාසල්රි ජලාශයට යාබදවම පදිංචිව සිටි මෙම සිසුවා සිය පවුලේ සමාජිකයන් සමග අද පස්වරු 3.30 ට පමණ ජලාශයේ දිය නෑ මට […]The post කාසල්රී ජලාශයට ගිය දරුවා අතුරුදහන් ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15816844

ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු හට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය සුබපැතුම් එක්කර තිබෙනවා. ජනාධිපති මාධ්ය ඒකකය පවසන්නේ දකුණු අප්රිකාවට එරෙහිව ඊයේ ලද විශිෂ්ට ජයග්රහණය සමග ජනාධිපතිවරයා පෞද්ගලිකව චමරි අතපත්තු වෙත සුබපැතුම් එක්කළ බවයි. දකුණු අප්රිකාව සමඟ පැවති අවසන් එක්දින තරගයේදී කාන්තා ක්රිකට් ඉතිහාසය රන් අකුරින් සටහන් කරන්නට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම […]The post ජනපති...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05648873

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්යව […]The post තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්රී ලංකාව ගොඩනඟනවා – ජන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9ක් සම්පුර්ණ වුණා. ඒ වෙනුවෙන් උත්සවයක් එම සත්ත්වෝද්යානයේ දී පැවැත්වුණා. පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කෙරුණේ 2015 මාර්තු 17වනදායි. එය සමරමින් චාම් උත්සවයක් පැවැත්වුණේ එම සත්ත්වෝද්යානයේ සහකාර අධ්යක්ෂ මිහිරන් මැදවල මහතාගේ ප්රධානත්වයෙනුයි. පින්නවල එළිමහන් සත්ත්වෝද්යානය සතුන් වර්ග 40කින් සමන්විතයි. මේ වසරේ මුල් මාස තුන තුළ සංචාරකයන් 52809 දෙනෙකු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13557294

මිනිසාගේ ක්රියාකාරකම් හේතුවෙන් බටහිර අප්රිකාවේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගොස් ඇති බව විද්යාඥයින් පවසනවා. පසුගිය මාසයේ මාලි රාජ්යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ට වඩා ඉහළ ගොස් තිබෙනවා. පර්යේෂකයන් පවසන්නේ පොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් සාමාන්ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.4කින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි. අධික උෂ්ණත්වය හේතුවෙන් මාලි අගනුවර වන බමාකෝ හි […]The post මිනිස් ක්රියා නිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11297746

ජාත්යන්තර ස්වෛරී බැඳුම්කරහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්රී ලංකාවට උදව් කිරීමට සූදානම් බව ජාත්යන්තර මූල්ය අරමුදල (IMF ) පවසනවා. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් උපායමාර්ගික තොරතුරු උපුටා දක්වමින් බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ නවතම දත්ත වාර්තා කර තිබුණා. එහි දැක්වෙන්නේ ශ්රී ලංකාව විසින් පැහැර හරිනු ලැබු අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන ජාත්යන්තර බැඳුම්කර ප්රතිව්යුහගත කිරීම [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03954211

ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්යාංශ එක්ව අප්රේල් 27 වන සෙනසුරාදා ගාලු මුවදොර ෂැංග්රිලා හරිත භූමියේ දී සංවිධානය කර ඇති “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා/ කුමරිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්රේල් 23වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මේ සඳහා ඉදිරිපත්වීමට අපේක්ෂා කරන තරගකරුවන් මාස 03ක් ඇතුළතදී ගත් […]The post “වසත් සිරිය 2024” අවුරුදු කුමරා / ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313126

පරිසර හානි ගැන කියන්න දුරකතන අංකයක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc