පාස්කු පිපිරීම් ගැන මෛත්‍රී BBCයට දුන්න කිසි ප්‍රකාශයක් අප විකෘති කළේ නෑ – BBCය කියයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට වගකීම භාරගත නොහැකි බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මාධ්‍ය ආයතනයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව කිසිදු අකාරයකින් අදහස් විකෘති වන සේ සංස්කරණය නොකළ බව BBC සිංහල සේවයේ මාධ්‍යවේදි ශර්ලි උපුල් කුමාර මහතා ප්‍රකාශ කළා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
කෙසේ වෙතත් මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව අර්ථය විකෘති වන සේ සංස්කරණය කර ඇති බවයි.
මාධ්‍යවේදී ශර්ලි කුමාර – ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයට ප්‍රථම ඇසිය යුතු යම් විශේෂ ප්‍රශ්නයක් ඇත්දැයි හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවා. එවැනි විශේෂ ප්‍රශ්නයක් නැති බව සදහන් කළා. සම්මුඛ සාකච්ඡාව ආරම්භ වී එය සමාන්‍ය ලෙස ඉදිරියට ගියා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග හිටපු ජනාධිපතිවරයා නොසන්සුන් වුණා. ඒ ගැන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් යම් අකමැත්තක් හිටපු ජනාධිපතිවරයාගෙන් පෙනෙන්නට තිබුනා. සම්මුඛ සාකච්ඡාව අවසානය වන තුරුම ඔහු සාමාන්‍ය ලෙස එයට සහභාගි වුණා. සම්මුඛ සාකච්ඡාව අවසානයේ හිටපු ජනාධිපතිවරයා මගේ කරට අත දමා ඡායාරූප වලට පවා පෙනී සිටියා.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු – සම්මුඛ සාකච්ඡා අන්තර්ජාලයට මුදා හැරීමට පෙර එහි යම් සංස්කරණයක් සිදු කළාද?
මාධ්‍යවේදී ශර්ලි කුමාර – ඔව් ස්වාමිනි, සංස්කරණයක් සිදුකළා. අර්ථය විකෘති වන සේ සංස්කරණය සිදුකළේ නැහැ. සංස්කරණයක් හැටියට කළේ කොන්ඩේ සුළගට යන අවස්ථා, සුළං සද්දය සහ එකම දේ යළි යළිත් කියපුවා විතරයි. එහෙම නැතුව එක ප්‍රශ්නයකට දුන්න උත්තරයක් වෙන ප්‍රශ්නයකට දැමීමක්වත් මේ සංස්කරණයේදි සිදුකලේ නැහැ. අදාළ ප්‍රශ්නයට දුන්න උත්තරේ අදාළ විදිහට තියෙනවා.
ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු – සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය නොකරන ලෙස හෝ කිසියම් කොටසක් ඉවත් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ පාර්ශ්වයෙන් කිසියම් බලපෑමක් සිදු කළාද?
මාධ්‍යවේදී ශර්ලි කුමාර – නැහැ එහෙම කිසිදු බලපෑමක් මට හෝ මා සේවය කරන ආයතනයට සිදු කරලා නැහැ. අදටත් ඒ සම්මුඛ සාකච්ඡාව අපේ වෙබ් අඩවියේ සහ ෆේස් බුක් පිටුවෙහි තිබෙනවා ”
The post පාස්කු පිපිරීම් ගැන මෛත්‍රී BBCයට දුන්න කිසි ප්‍රකාශයක් අප විකෘති කළේ නෑ – BBCය කියයි appeared first on ITN News.