මහර බන්ධනාගාර සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව 9ක් දක්වා ඉහළට, 109ට තුවාලයි (update)
(update)තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි තවත් මහර බන්ධනාගාර රැඳවියෙකු අද(01) අලුයම මිය යාම හේතුවෙන් සිද්ධියෙන් මිය ගිය සමස්ත රැඳවියන් ගණන 9ක් වී තිබේ.
මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළට
මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිස 109ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ රැඳවියන් 107ක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ඒ අතර වන බවත් අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බවයි.
මෙම සිද්ධියේ දී දැනට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 8කි.
The post මහර බන්ධනාගාර සිදුවීමෙන් මිය ගිය සංඛ්‍යාව 9ක් දක්වා ඉහළට, 109ට තුවාලයි (update) appeared first on Lanka Views | Views of the truth.