මහනුවර – කල්මුණේ පාසල් 176ක් වහලා
බස්නාහිර පළාත හැර අනෙකුත් පළාත්වල පාසල් ඉකුත් 23වැනිදා විවෘත කළත් කොවිඩ් වෛරස අවදානමත් සමඟ මහනුවර හා කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 176ක් මේවනවිට වසා දමා ඇති බව වාර්තා වේ. මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 145ක් මෙලෙස වසා දමා තිබේ.
කල්මුණේ වසා දැමූ පාසල් සංඛ්‍යාව 31කි.
කොවිඩ් වසංගතයත් සමඟ තාවකාලිකව වසා දැමූ කිලිනොච්චිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් කිහිපයක් වසා දමා තිබී ඊයේ (30) යළි විවෘත කෙරිණි.
The post මහනුවර – කල්මුණේ පාසල් 176ක් වහලා appeared first on Lanka Views | Views of the truth.