මහර බන්ධනාගාර රැඳවියන් කලහකාරී ලෙස හැසිරීමට හේතුව හෙළි වේ
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ සමහර බෙහෙත් වර්ග කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන එක්නායක මහතා පවසයි. <br><br> අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඔහු තවදුරටත් පැවසුවේ, කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාරය තුළ පිහිටි බොහෝ දේපලවලට හානි කර ඇති බවය.