අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම ගැන බොරු කියලා
අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය හුදෙකලා තත්වයට පත්කර නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනය අසත්‍යයක් බවත් එම මන්දිරය මේ වනවිට හුදෙකලා කර ඇති බව බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ එහි කාර්යාල සේවකයින්ට නිවෙසට වී වැඩ කරන ලෙස දැනුම් දී ඇති බවයි.
බැසිල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම හේතුවෙන් එම පරිශ්‍රයේ පිහිටි තමන්ගේ කාර්යාලය ද තමන්ට භාවිතා කිරීමට නොහැකි වී ඇති බව ප්‍රකාශ කර ඇති බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ඒ පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බව පිළිගෙන තිබේ.
අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් පිරිසකට කොවිඩ් – 19 වෛරසය වැළඳීම නිසා එම පරිශ්‍රය මෙසේ හුදෙකලා භාවයට පත්කර ඇත. කෙසේවෙතත් අගමැති මහින්ද රාජපක්ෂ ඒ වනවිටත් භාවිතා කරමින් සිට ඇත්තේ සිය විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසයි.
The post අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කිරීම ගැන බොරු කියලා appeared first on Lanka Views | Views of the truth.