කොවිඩ් මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම් ඉවතට
කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ්, මානවහිමිකම් ක්‍රියාකාරින් හා නීතිඥ පාර්ශවයක් එක්ව මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි දී ඔවුන් පවසා තිබුණේ මෘතදේහ ආදාහනය සිය ආගමික ඇදහිලි හා චාරිත්‍රාවලට පටහැනි බවයි.
කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කිරීමේ තීරණයට විරෝධය පළකරමින්, මිය ගිය තම ඥාතීන්ගේ දේහයන් බාර නොගැනීමට මුස්ලිම් පවුල් කිහිපයක්ම පසුගිය දින කිහිපයේ කටයුතු කර ඇති බව වාර්තා විය.
එම සිරුරු ආදාහනය කිරීම සඳහා මිනී පෙට්ටිවලට මුදල් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කළ ඉල්ලීම ද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත.
කොවිඩ් 19 ආදනයෙන් මියයන මුස්ලිම්වරුන් භූමදානය කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.
කොවිඩ් වෛරස ආසාදිත වින්දිතයින්ගේ මෘතදේහ අනිවාර්ය ආදාහනය පිළිගත නොහැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවද අවධාරනය කර තිබුණි.
The post කොවිඩ් මරණ අනිවාර්ය ආදාහනයට එරෙහි පෙත්සම් ඉවතට appeared first on Lanka Views | Views of the truth.