සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීමටත් ජනතාව ආරක්ෂා කරගැනීමටත් සියලු කටයුතු සූදානම්
”බුරවි” සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීමටත් ජනතාව ආරක්ෂා කරගැනීමටත් ත්‍රිවිධ හමුදාව,පොලීසිය ඇතුළු රජ්‍ය යාන්ත්‍රණය සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රමික ) කමල් ගුණරත්න මහතා පවසයි.
අද (2) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය.
බුරවි නැමැති සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිතයි.මෙයට මුහුණ දීම සඳහා සියලු කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ඒ ඒ ප්‍රදේශවල සිටින දිසාපතිවරු සමඟ සියලු දේ සූදානම් කර තිබේ.
එමෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් නිකුත් කර තිබෙනවා, උතුරු,නැඟෙනහිර සහ වන්නි ආඥාපතීන්ට එම ප්‍රදේශවල දිසාපතිවරු හා උප දිසාපතිවරු සමඟ එකතු වී රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු ආයතන සමඟ එකතු වී ජනතාවට සිදුවන හානිය අවම කිරීමට මෙන් ම හානි සිදුවන ජනතාව වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳව ඉතා ඉක්මනින් ක්‍රමවත්ව කරගෙන යැමට උපදෙස් ලබා දී තිබෙනවා.
මෙම සුළි සුළඟින් ඇති විය හැකි හානිය අවම කිරීමටත් හානිවන ස්ථානවල සිටින ජනතාව සඳහා ඉතාම ඉක්මනින් විසඳුම් ලබාදීමට සියලු පියවර ගැනීමටත්,ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත්, රජයේ යාන්ත්‍රණයත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ”යැයි ද පැවසීය.
The post සුළි කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීමටත් ජනතාව ආරක්ෂා කරගැනීමටත් සියලු කටයුතු සූදානම් appeared first on ITN News.