පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කාම්බෝජයට
ශ්‍රී ලංකාවේ උපත ලැබූ කාවන් නැමති හස්තියා කාම්බෝජයට රැගෙනවිත් තිබෙනවා.
කාවන් ලොව හුදෙකලාම හස්තියා ලෙසයි සැලකුණේ. 1985 වසරේදී ත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට ලබාදී තිබූ කාවන් හස්තියා සිය සහකාරිය වූ සහේලි 2012 වසරේදී මිය යාමෙන් පසු තනි වුණා. වෙනත් කිසිදු හස්තියෙකුගේ ඇසුර නොලැබීම නිසා කාවන්ගේ තනිකම පිළිබදව ලොව පුරා සත්ත්ව ක්රියාකාරීකයන්ගේ අවදානය යොමු වුණා. 2016 වසරේදී කාවන් නිදහස් කර ගැනීම සදහා වැඩපිළිවෙළක් ආරම්භ වූ අතර එහිදී පවරනු ලැබූ නඩුවකට අනුව අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ කාවන් සුදුසු වාස භූමියකට පිටත් කර හැරිය යුතු බවයි.
ඒ අනුව කාම්බෝජයට කාවන් යැවීමට පාකිස්ථාන් බලධාරීන් තීරණය කළා.
කාවන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළට මූලිකත්වය දුන් ෂර් නැමති ගායිකාව ද කාවන් ට සමුදීමේ උත්සවයට එක්ව සිටියා.
The post පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කාම්බෝජයට appeared first on ITN News.