වනාන්තර කිහිපයක් විනාශ කරමින් මාර්ග ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක්
මාදුරුඔය, වස්ගමුව, සොමාවතිය හා ජලගැලුම් නිම්නය අවසන් කරන මාර්ගය ඉදිකරිම වහා නවතන ලෙස ඉල්ලමින් අද දින ඊයේ (03) පොළොන්නරුවේ දීප උප උයන ඉදිරිපිට උද්ඝොෂණයක් පැවත්වී තිබේ. මෙය සංවිධානය කර තිබුනේ හරිත පුරවැසියෝ පරිසර සංවිධානය හා ප්‍රදේශවාසීන් විසිනි.
මෙහිදි අදහස් දැක්වු එහි සංවිධායිකා කංචනා වේවැල්පනාව කියා සිටියේ ප්‍රදේශයේ වැව් ජලය රැකෙන්නේ හා ගොවිතැන් කරන්නේත් මෙම වනාන්තර විසින් ඇති කල විවිධත්වය නිසා බැවින් පුලතිසි පුර වනාන්තර වනසමින් ඉදිකරන මාර්ග හා අනිකුත් සංවර්ධනයේ නාමයෙන් කරන විනාශයන් වැළක්විය යුතු බවයි.
මේ අතර මාදුරුඔය, වස්ගමුව ,සොමාවතිය හා ජලගැලුම් නිම්නය අවසන් කරන මාර්ගය ඉදිකිරීම සදහා මේ තරම් රජය උත්සහ කරන කරුණු ලෙස සොබාදහම අධ්‍යන මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ 2011, 2050 වන තුරු ක්රීයාත්මක කරමින් සිටින ජාතික භෞතික සැළස්මේ එන සංචාරක ව්‍යාපෘති වැඩිදියුණු කිරීම උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමයි.
The post වනාන්තර කිහිපයක් විනාශ කරමින් මාර්ග ඉදිකිරීමට එරෙහිව විරෝධතාවයක් appeared first on Lanka Views | Views of the truth.