ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්මවූ වැසි
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්මවූ තදවැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර බුරවි සුලි කුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සදහන් කළේ.
සුලි කුණාටුවෙන් දිස්ත්‍රික් 12 ක පවුල් දහතුන් දහස් තුන්සිය හැට අටකට බලපෑම් එල්ල වුණා. පීඩාවට පත් සංඛ්‍යාව හතලිස් හතර දහස් අටසිය හතලිස් අටක්. ඔවුන් වෙනුවෙන් සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ අතර පුත්තලමේ සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසටයි දැනුම්දී තිබෙන්නේ.
The post ප්‍රදේශ කිහිපයකට මිලිමීටර සියය ඉක්මවූ වැසි appeared first on ITN News.