“මගේ සැමියා ගැන කිසිම තොරතුරක් නැහැ” – මහර රැඳවියෙකුගේ බිරිඳකගෙන් පැමිණිල්ලක්
මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිදු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව එම කාන්තාව මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි.
“මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. “
මහර බන්ධනාගාරයේ ගැටුම හටගත් නොවැම්බර් 29 රාත්‍රියේ සිට මේ දක්වා සිය සැමියා සම්බන්ධයෙන් විමසා සිටියත් කිසිදු තොරතුරක් නොමැති බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.
The post “මගේ සැමියා ගැන කිසිම තොරතුරක් නැහැ” – මහර රැඳවියෙකුගේ බිරිඳකගෙන් පැමිණිල්ලක් appeared first on Lanka Views | Views of the truth.