යුනිලීවර් සමාගම විමල් වීරවංශ බිලී බා ගැනීමේ සූදානමක
තම ආයතනයෙන් නිෂ්පාදනය කරන ලක්ස් හා ලයිෆ්බෝයි සබන් වර්ග දෙක සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් කල අමාත්‍ය විමල් විරවංශ බිළිබා ගැනීම සඳහා ජාත්‍යන්තර යුනිලීවර් සමාගමේ ප්‍රබලයින් බලවත් උත්සහයක් දරමින් සිටින බව වාර්තා වී ඇතැයි ද ලීඩර් වෙබ් අඩවිය සඳහන් කරයි.
එහි එක් පියවරක් ලෙස යුනිලීවර් සමාගම වෙනුවෙන් එහි නියෝජිතයකු මිට දින කිහිපයකට පෙර අගමැති මහින්ද රාජපක්ෂ හමුවී, තම බිරිඳ සේවයකරන යුනිලීවර් සමාගමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ දැනුවත් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.
එසේ අගමැතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇත්තේ නවීන් මාරපන බව පැවසේ. ඒ අනුව, අමාත්‍ය විමල් විරවංශට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැතිවරයා යුනිලීවර් සමාගමේ නියෝජිතයින්ට කරුණු පැහැදිලිකිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලිමක් කර ඇත.
ඊට ප්‍රතිචාර දක්වා ඇති විමල් විරවංශ අමාත්‍යවරයා, ලබන සතියේ දිනක පාර්ලිමේන්තුවේ දී තමා හමුවීමට එන ලෙස යුනිලීවර් සමාගමේ නියෝජිතයින්ට දැනුම්දෙන්නැයි පවසා තිබේ.
මිනිස් ශරීරයට අහිතකර සබන් වර්ග නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය බහුජාතික සමාගමකට ඉඩ ලබාදී ඇති බවත් ඒවායේ අඩංගු විෂ රසායන පිළිකාකාරක බව නඩු තීන්දුවකින් හෙළිවී ඇති බවත් කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මස 30 දා දා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
The post යුනිලීවර් සමාගම විමල් වීරවංශ බිලී බා ගැනීමේ සූදානමක appeared first on Lanka Views | Views of the truth.