කොළඹ – ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදෙකලාව ඉවත්වෙද්දී තවත් ප්‍රදේශ ගණනාවක්ම හුදෙකලා වෙයි
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල පොලිස් වසම් හා ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක හුදෙකලා තත්ත්වය අද උදෑසන පහේ සිට ඉවත් කෙරුණා. ප්‍රදේශ කිහිපයක දැනට පවතින හුදෙකලා තත්ත්වය එලෙසම පවත්වාගෙන යාමටයි කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර ඇත්තේ.
බ්ලූමැන්ඩල් සහ කැලණිය පොලිස් වසම්වලත්, ග්‍රාම නිලධාරී වසම් කිහිපයකත් හැර වත්තල සහ පෑලියගොඩ පොලිස් වසම්වලත්, වැල්ලම්පිටිය විජයපුර ග්‍රාම නිලධාරී වසමේත් හුදෙකලා තත්ත්වය අද උදෑසන පහේ සිට ඉවත් කෙරුණා. වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුදුහේන, ඇවරිවත්ත, සහ වැලිකඩ යන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන පහේ සිට අලුතින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගගබඩ, මීගහවත්ත, පට්ටිය උතුර යන ග්‍රාම නිලධාරීන් වසම් ද අද උදෑසන පහේ සිට අලුතින් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමද හුදෙකලා තත්ත්වයට පත් කර තිබෙනවා. කොම්පඤ්ඤවීදිය පොලිස් වසම, හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර අද උදෑසන පහේ සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය,කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන පොලිස් වසම් මෙන්ම කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම,වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය ද, මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උයන සහ ෆර්ගසන් පාරේ දකුණු කොටසේ ද හුදෙකලා බව තවදුරටත් ක්‍රියාත්මකයි. දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලද හුදෙකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම් දෙන තුරු තවදුරටත් හුදෙකලා ප්‍රදේශ වශයෙන් පවතින බවයි කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.
The post කොළඹ – ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදෙකලාව ඉවත්වෙද්දී තවත් ප්‍රදේශ ගණනාවක්ම හුදෙකලා වෙයි appeared first on ITN News.