මාරවිල කුඩු තොගයේ මහමොළකරු ඩුබායිවල – සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි
මාරවිල දී ඊයේ අත්අඩංගුවට ගත් රුපියල් බිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට අදාළ මහ මොළකරු හඳුනාගෙන තිබෙනවා.
එම පුද්ගලයා ඩුබායි හි සිට ජාවාරම් මෙහෙයවා ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය එක්ව විමර්ශන සිදු කරන බවද ඒ මහතා කියා සිටියා.
The post මාරවිල කුඩු තොගයේ මහමොළකරු ඩුබායිවල – සැකකරු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පතයි appeared first on ITN News.