ලංකා ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද
ලංකා ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එහි පළමු තරගය ලෙස කලම්බු කින්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය ආරම්භ වන්නේ පස්වරු තුනයි තිහටයි. එහි දෙවන තරගය ලෙස දඹුල්ල වයිකින්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ රාත්‍රී අටටයි.
කලම්බු කින්ස් හා ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය එල්පීඑල් තරගාවලියේ 14 වන තරගය ලෙස පැවැත්වෙන අතර දඹුල්ල වයිකින්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර තරගය එල්පීඑල් තරගාවලියේ 15 වන තරගයයි. තරගාවලියේ ලකුණු සටහනේ මේ වන විට පෙරමුණේ පසුවන්නේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමයි. එහි දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙළින් හිමිකරගෙන ඇත්තේ කලම්බු කින්ස් හා දඹුල්ල වයිකින්ස් කණ්ඩායම් වන අතර කැන්ඩි ටස්කස් කණ්ඩායම සිව්වන ස්ථානයේ පසුවනවා. ප්‍රසාද ලකුණු ලබාගෙන නොමැති ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවනවා. ලංකා ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටී වී ඔස්සේ ඔබට සජීවීව විදගත හැකියි. මේ අතර අද තරග දෙකේ සුවිශේෂී අවස්ථා හෙට පෙරවරු දහයයි තිහේ සිට මධ්‍යහ්න දොළහ දක්වා ගෙන ඒමට ස්වාධීන රූපවාහිනිය සූදානම්.
The post ලංකා ප්‍රමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද appeared first on ITN News.