මිනිසා විසින් ගුහාවක නිර්මාණය කළ ලොව පැරණිම සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන්!

- lankaviews.com

ලොව පැරණිම ගුහා චිත්‍ර අතර සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන් සොයාගත් බව ‘BBC සිංහල’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ පුරාවිද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇති වල් ඌරකුගේ සිතුවම සමග මිනිස් අත් සටහන් දෙකක් ද තිබේ.

කාල නිර්ණ වාර්තා ඇසුරින් රාවිද්‍යාඥයන්ගේ තක්සේරුව අනුව මෙය වසර 45,500ක් තරම් පෞරාණික යුගයකට අයත් ගුහා සිතුවමකි.
මෙම සිතුවම සොයාගනු ලැබ තිබෙන්නේ ඉන්දුනීසියාවේ ‘සුලවසි’ දූපතේ ඈත නිම්නයක පිහිටි ‘ලීං ටෙඩොංග්’ ගුහාවෙනි. විද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වාර්තාවේ දැක්වෙන ආකාරයට, මෙම සිතුවම සෙන්ටිමීටර් 136cm සහ 54cm පරිමාණයකින් යුක්ත වෙයි. සිතුවමට ඇතුළත් සූකර රුවෙහි මුහුණේ සටහන් ඉන්නන් වැනි අං මගින් එම ජීවියා පිරිමි සතෙකු බව ඇඟවෙන බවත් ඔවුහු සඳහන් කරති.

සිතුවමේ දැක්වෙන සූකර රුව පිටුපස දැක්වෙන මිනිස් අත් රූ සටහන් දෙක මගින් අර්ධ වශයෙන් සංරක්ෂණය වී ඇති තවත් සූකරයන් දෙදෙනකුට මුහුණ දී ඇති ආකාරයක් පෙන්නුම් කෙරෙයි. මෙම සිතුවම සොයාගැනීමත් සමඟ එම කලාපයේ පැරණිතම මිනිස් වාසභූමි පිළිබඳ නව සාක්ෂි සොයාගැනීමට හැකිවනු ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි.

මෙම සිතුවමහමුවීමට පෙර ලෝකයේ පැරණිතම ගුහා සිතුවම යයි තක්සේරු කරනු ලැබ තිබුණ සිතුවමත් හමුවී තිබුණේ ඉන්දුනීසියාවේ ‘සුලෙවසි’ දූපතින්මය. ඒ සිතුවම මගින් නිරූපණය කෙරෙන්නේ අඩක් මිනිස් සහ අඩක් සත්ව රූ සහිත ජීවීන් මීහරකකු දඩයම් කරනු ලබන ආකාරයයි. වසර 44,000 ක් පැරණි ඒ සිතුවමට සාපේක්ෂව අලුතින් ලද ගුහා සිතුවම ඊටත් එහා අතීතයකට අයත් බව පැහැදිලිය.

‘සුලවෙසි’ දූපතේ හිරිගලින් යුත් ගුහා රාශියකි. ඒවා බොහොමයක් තවමත් ගවේෂණයට භාජනය කරනු ලැබ නැත.

මිනිස් ඉතිහාසයේ පැරණිතම චිත්‍රය ලෙස සැලකෙන්නේ මෙයින් වසර 73,000ක් තරම් ඈත අතීතයේ නිමවන ලද කුරුටු සිතුවමකි. මානව වර්ගයාගේ නිර්මාණයක් වන එම පෞරාණික සිතුවම විද්‍යාඥයන් විසින් සොයාගන්නා ලද්දේ දකුණු අප්‍රිකාවේ කැනීමක දී හමුවූ කුඩා පාෂාණ කැබැල්ලකිනි.
විද්‍යාඥයන් විසින් එම දකුණු අප්‍රිකානු සිතුවම සොයාගන්නා ලද්දේ ‘කේප්ටවුන්’ සිට කිලෝමීටර් 300ක් ඈතින් පිහිටි ‘බ්ලොම්බෝස්’ (Blombos Cave) ගුහාවෙනි

ඉහත කී ආකාරයේ තවත් සොයාගැනීම් සඳහා ඇති සූදානමක් පිළිබඳව විද්‍යා තොරතුරු භාර BBC වාර්තාකරු,ජොනතන් අමොස් (Jonathan Amos) සඳහන් කරයි.

“සුලවෙසි ප්‍රධාන මධ්‍යස්ථානයක පිහිටි ඉන්දුනීසියානු දූපතකි. එම දූපත දහනවවෙනි සහ විසිවෙනි සියවසට අයත්, ස්වභාව ධර්මය පිළිබඳ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වන ඇල්ෆ්‍රඩ් වොලස්ගෙන් (Alfred Wallace) පසුව විද්‍යාඥයන් විසින් ‘වොලසියා’ (Wallacea) යනුවෙන් නම්කරන ලද දූපත් සමූහයට ඇතුළත් විශාලතම දූපතයි” BBC වාර්තාකරු, ජොනතන් අමොස් (Jonathan Amos) වැඩිදුරටත් සඳහන්කර ඇත.

එම ‘වොලසියානු’ දූපත් සමූහය අතර බෙදුම් රේඛාවකි. එකී දෙපාර්ශ්වයෙහිම බොහෝ වෙනස්කම් සහිත සත්ව වර්ග සහ පැලැටි වර්ග හමුවෙති.
ඒ අතරම, ‘වොලසියානු’ දූපත් සුවිශේෂී වන්නේ නූතන මිනිස්වර්ගයා ඔස්ට්‍රේලියාව කරා ගමන් ආරම්භ කරනු ලැබීම අතින් පළමු පියවර තැබීම අතිනි.

මෙයින් වසර 65,000කට පමණ ඈත අතීතයක මිනිසුන් එම භූමියේ සිටි බව අපි දනිමු. එම තේරුම්ගැනීම අනුව, එම වකවානුවේ හෝ ඇතැම්විට ඊටත් පෙර මිනිසුන් ‘සුලවෙසි’ දූපතේ ජීවත්වෙන්නට ඇතැයි උපකල්පනය කිරීම සහේතුක වෙයි.
‘සුලෙවසි’ සහ ඒ ආසන්නයේම පිහිටා ඇති වෙනත් දූපත් යන දෙපාර්ශ්වයෙහිම වසර 45,000කටත් වඩා පෞරාණික වටිනාකමක් සහිත අලංකාර කලා නිර්මාන බිහිවන්නට ඇත යන බලාපොරොත්තු සහගත අපේක්ෂාව එම පසුබිම මගින් ජනිත කෙරෙයි.

‘දකුණු සුලවෙසි’ දූපතේ අගනුවර වන ‘මකසාර්'(Makassar) සිට පැයක පමණ දුරක් මෝටර් රථයකින් ගමන්ගන්නා කෙනෙකුට හිරිගල් කඳුකරයෙහි ‘ලීං ටෙඩොංග්’ (Leang Tedongnge) ගුහාව වැනි තවත් සැඟවුන ස්ථාන අනන්තවත් හමුවනු ඇත.

(මූලාශ්‍රය – BBC වෙබ් අඩවිය)

The post මිනිසා විසින් ගුහාවක නිර්මාණය කළ ලොව පැරණිම සත්ව සිතුවම ඉන්දුනීසියාවෙන්! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

The Food and Agriculture Organization of the United Nations (FAO) through the European Union (EU)-funded BESPA-FOOD (Best Standardized Practices for the Agri-Food Sector) project will support the government to establish a well-coordinated food safety system in the country.

- adaderana.lk

International Cricket Council (ICC) on Tuesday revealed the latest crop of outstanding international performers shortlisted as the candidates for the ICC Men s and Women s Player of the Month Awards for May.

- colombogazette.com

Former Sri Lanka fast bowler Lasith Malinga has made contact with a young boy, seen on a video bowling just like him. Malinga had earlier posted a video on his Facebook of the young boy and asked his followers to help him find the boy. In a new post, Malinga said that he had made contact […]

- colombogazette.com

The Food and Agriculture Organization of the United Nations (FAO) says it is committed to working closely with its partners to achieve a food-secure and safe Sri Lanka. The FAO, through the European Union (EU)-funded BESPA-FOOD (Best Standardized Practices for the Agri-Food Sector) project, will support the Government to establish a well-coordinated food safety system […]

- colombogazette.com

By Sathiya Moorthy In a tweet in mid-May, the US Ambassador to India, Eric Garcetti, tweeted on ‘strategic ties’ India and Sri Lanka as if one existed already. The tweet followed a meeting between Amb Garcetti and Milinda Moragoda, the Sri Lankan High Commissioner to India. “As strategic partners, the US, India, and Sri Lanka […]

- adaderana.lk

Indian police on Monday seized 240kg of cannabis and arrested eight people at Sullurupeta in Tirupati district of Andhra Pradesh that was planned to be dispatched to Sri Lanka.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc