ධනවත් රටවල්, කොරෝනා එන්නත් තොග උස්සයි – සැබෑ වසංගතය අනාවරණය වේ!

- lankaviews.com

මේ වනවිට කෝවිඩ් 19 ආසාදනයට ප්‍රතිශක්තිය වෙනුවෙන් නිෂ්පාදිත එන්නත් වර්ග කිහිපයක්ම ලෝකයේ වෙළඳපොළට පැමිණ ඇතත් ඒවා ඇණවුම් කිරීමේදී ධනවත් රාජ්‍යයන්ට ප්‍රමුඛතාව හිමිව තිබේ.

BBC වෙබ් අඩවිය විසින් අනාවරණය කරන ආකාරයට, ඖෂධ සමාගම් විසින් වෙළඳපොළට හඳුන්වා දුන් නව එන්නත් තොග ධනවත් රටවල් විසින් මුදල් ගෙවා ඇණවුම් කර ඇත. මේ නිසා ආදායම් අඩු රටවලට එන්නත් ලබාගැනීමේ අවස්ථාව මගහැරෙනු ඇති බවට ක්‍රියාකාරී සංවිධාන විසින් අනතුරු අඟවා තිබේ. මෙම තත්වය සම්බන්ධ ක්‍රියාකාරී පියවර ගැනීම පිණිස, ඇම්නෙස්ටි ජාත්‍යන්තරය, Oxfam ආයතනය සහ Global Justice Now ආදී සංවිධාන රැසක් එකමුතු වී The People’s Vaccine Alliance නමැති සන්ධානයක් පිහිටුවාගෙන ඇත.

Oxford-AstraZeneca එන්නත කොරෝනා වසංගතයට මුහුණදීමේදී ප්‍රතිශක්තිය ලබා දෙන එන්නත් ලෙස බ්‍රිතාන්‍ය විසින් පිළිගෙන සිය රටේ පුරවැසියන්ට ප්‍රමුඛතා පිළීවෙළක් අනුව, එය ලබාදීමේ පියවර ආරම්භ කර ඇත. එයින් Pfizer-BioNTech එන්නතට එක්සත් ජනපදය සහ යුරෝපා හවුල ද නුදුරේදී ම අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ. Pfizer-BioNTech, Moderna, Oxford-AstraZeneca එන්නත් මේ වනවිට රටවල් ගණනාවක ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන්ට ඒන්නත්කර ඇති අතර, තොග වශයෙන් බෙදාහැරීමේ මට්ටමේ පවතී. මේ අතර රුසියාවේ Sputnik සහ චීනයේ නිෂ්පාදිත Sinovac කොවිඩ් එන්නත් ලෙස ලෝකයේ අවධානයට ලක්ව ඇත.
මෙහිදී චීනයේ එන්නත ලබා ගැනීම සඳහා දැනටමත් බ්‍රසීලය, තුර්කිය සහ චිලී යන රටවල් විසින් ඇණවුම් සඳහා ගිවිසුම් අත්සන් කර හමාරය.

දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නාමැති තත්වයක් තුළ පවා කොරෝනා වැළැක්වීමේ ශක්‍යතාව ඇති බවට ප්‍රකාශිත එන්නත් වර්ග ඇණවුම් කිරීමේ තරගයක් උද්ගතව තිබේ. මේ වනවිට විශ්ලේෂණාත්මකව අනාවරණය කර ඇති කරුණු අනුව, ධනවත් රාජ්‍යයන් විසින් ඇණවුම් කර ඇති එන්නත් ප්‍රමාණය එකී රටවල ජනගහනය මෙන් තුන්ගුණයක් එන්නත් කිරීමට සෑහෙන මාත්‍රා ප්‍රමාණයකි. නිෂ්පාදිත සියලුම එන්නත් වර්ග භාවිතයට අනුමැතිය ලැබුනහොත් ඒ අන්දමින් තම රටවල ජනගහණයට අවශ්‍ය තරමටත් දෙගුණයකින් වැඩි එන්නත් ප්‍රමාණයන් මේ වන විටත් ධනවත් රටවල් වෙන්කරගෙන ඇත.

කොරෝනා වැළැක්වීමේ එන්නත් වර්ග 8ක් මේ වනවිට අවධානයට ලක්ව ඇති අතර ලෝක ජනගහනයෙන් 14%ක් සහිත ධනවත් රාජ්‍යයන් විසින් එසේ නිෂ්පාදනයේ ඇති එන්නත් තොගවලින් 53%ක් දැනටමත් මුදල් ගෙවා ඇණවුම් කර තිබේ. මේ සම්බන්ධ තත්වයේ ඇති ජුගුප්සාජනක තත්වයට නිදසුනක් ලෙස කැනඩාව විසින් දැනට ඇනවුම් කර ඇති එන්නත් ප්‍රමාණය එරට සිටින පුරවැසියන් සංඛ්‍යාව එක්වරක් නොව, පස්වතාවක් එන්නත් කිරීමට තරම් ප්‍රමාණයක් බව අනාවරණය වී ඇත.

මේ ආකාරයට ලෝකයේ ධනවාදී රාජ්‍යයන් විසින් නැවත වරක් වසංගතයෙන් මිදීමේ හැකියාව අත්පත් කරගනිමින් සිටින අතර එම හැකියාව සම්බන්ධ කාරණයේදී ලෝකයටම ණයගැතිව සිටින ලංකාව වැනි රටවලට කිසිදු සැලසුමක් පවා සකස්කර තැනීමට අවස්ථාවක් ඉතිරිකර නැත. ඒ නිසාම ‘ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොමැති නිසා ඒ එන්නත් ඇණවුම් නොකරන්නට තීරණයක් ගෙන ඇතැ’යි වැනි ‘මිඳි ඇඹුල්’ කතා කියන්නට ලංකාවේ පාලකයන්ට සිදුව ඇත.

(මූලාශ්‍රය – BBC)

The post ධනවත් රටවල්, කොරෝනා එන්නත් තොග උස්සයි – සැබෑ වසංගතය අනාවරණය වේ! appeared first on Lanka Views | Views of the truth.

You may also like

- adaderana.lk

Sri Lanka s High Commissioner to India Milinda Moragoda met with the Minister of Finance and Corporate Affairs of India Smt. Nirmala Sitharaman in New Delhi today (March 21).

- island.lk

An explosive 54-ball hundred from Heinrich Klaasen powered South Africa to a crushing four-wicket win in the third and final ODI against West Indies at Senwes Park, Potchefstroom on Tuesday (March 21). The result meant that the three-match series ended 1-1. Brief scores: South Africa 264/6 in 29.3 overs (Heinrich Klaasen 119*, Marco Jansen 43*, […]

- island.lk

Amelia Kerr’s all-round efforts helped Mumbai Indians end the league stage of the Women’s Premier League with six wins out of eight as they defeated Royal Challengers Bangalore by 4 wickets at the DY Patil stadium in Mumbai on Tuesday (March 21). Kerr’s three-wicket haul, along with two wickets apiece for Nat Sciver-Brunt and Issy […]

- island.lk

At a meeting with representatives of the International Monetary Fund (IMF) and Heads of Government institutions, Senior Adviser to the President on National Security and Chief of the Presidential Staff Sagala Ratnayake said that public officials should pay significant emphasis  to financial control, anti-corruption measures, and adherence to the rule of law for the country […]

- news.lk

Mr. Sagala Ratnayake points out the accountability of public officials regarding financial control, anti-corruption, rule of law

- adaderana.lk

The transfers of national school teachers on ten-year and annual basis will be effective from April 17, 2023, except for the teachers attached to Ordinary Level and Advanced Level classes, the Education Ministry says.

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc