අගමැති ඇමෙරිකා තානාපතිනිය හමු වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සහ වෙළද සබදතා සෑම වකවානුවකදීම අඛණ්ඩව ලබාදීමට කටයුතු කිරිම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඇගයීමට ලක් කළා.
ඉදිරියේදී මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සංවර්ධනය සදහා සහාය අපේක්ෂා කරන බවත් තාක්ෂණ හා මූල්‍ය සහාය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පුළුල් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා.
ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අභියෝග හමුවේ ඇමෙරිකාවේ සහාය ශක්තිමත් ලෙසින් තවදුරටත් අපේක්ෂා කරන බවයි ජුලි චන්ග් මහත්මිය මෙහිදී සදහන් කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ආයතන පද්ධතීන්වල සහාය හා ද්වීපාර්ශ්වික ආයෝජන සදහා වැඩිදුරටත් කවුළුවක් විවර කරන බව ඇමෙරිකා තානාපතිනිය තවදුරටත් සදහන් කළා.
The post අගමැති ඇමෙරිකා තානාපතිනිය හමු වෙයි appeared first on ITN News.