යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රු.මි. 2000ක් වෙන්කරයි
වී ගොවීන්ට ඉහළ මිලක් වී සඳහා ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (15 ) අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය මඟින් වී අස්වනු මිලදී ගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත හෙට (17) දින සිටම වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා අද (16) දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම හෙට (17) දින සිටම ආරම්භ කිරීමට නියමිතය. මේ යටතේ නාඩු වී කිලෝවක් රු.120කටත්, සම්බා වී කිලෝවක් රු.125කටත්, කීරී සම්බා වී කිලෝවක් රු.130කටත් මිලදී ගැනීමට කටයුතු යොදා ඇත. මේ වනවිට වෙළඳපොළේ වී කිලෝවක මිල රු.90කටත් වඩා අඩු වී ඇති බවට ගොවි ජනතාව මැසිවිලි නඟති. එම කාරණය සැලකිල්ලට ගනිමින් ගොවීන්ගේ වී නිෂ්පාදනවලට උපරිම මිලක් ලබාදීම සඳහා වී අලෙවි මණ්ඩලය මැදිහත්වන බවත්, පළමු අදියර යටතේ රු.මි. 2000ක් වැයකර වී මෙ. ටො. 30,000ක් මිලදී ගැනීමට අපේක්ෂිත බවත්, සහල් නිෂ්පාදකයින් විසින් ගොවීන්ගෙන් වී කුණු කොල්ලයට මිලදී ගැනීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අවශ්‍ය වුවහොත් තවදුරටත් රජය මැදිහත්වී වී මිලදී ගැනීමට සූදානම් බවත්, සඳහන් කළ අමාත්‍යවරයා 2022 වසරේ ජනවාරි මස සිට ජුලි මාසය දක්වා කාලය තුළ සහල් මෙ. ටො. පන්ලක්ෂයට වඩා ආනයනය කර ඇති බව ද සඳහන් කළේය.
දැනට රට තුළ කිසිදු සහල් හිඟයක් නැත. යල කන්නයේ වී අස්වැන්න මෙන්ම ආනයනය කරන ලද සහල් තොග ඇති බැවින්, සහල් හිඟයක් ඇතිවිය හැක්කේ බොහෝදුරට මෙම දෙසැම්බර් මස අවසානයේ බව ද, එම නිසා සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ද ඇමතිවරයා කීය.
එමෙන්ම වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා වී සහල් ලෙස සකස් කර, අවම මිලක් යටතේ අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අද (16) සිට වී අලෙවි මණ්ඩලය අලෙවි කරන සෑම සහල් කිලෝවක්ම රු.5කින් අඩු කිරීමටත්, ඉදිරියේදී වෙළඳපොළ තත්ත්වය සලකා බලා තවදුරටත් සහල් මිල අඩු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ද පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා, උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සහභාගී වූහ.
The post යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය පළමු අදියර යටතේ රු.මි. 2000ක් වෙන්කරයි appeared first on ITN News.