කෝටි 20ක රන් බිස්කට් සමඟ සේවිකාවක් සහ මගියෙක් රේගු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝග්‍රෑම් 9.5 ක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගැනුණා. එහි වටිනාකම රුපියල් විසිකෝටි පනස් ලක්ෂයක් බවයි රේගුව පවසන්නේ.
මෙම රන් බිස්කට් තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකු සහ ගුවන්තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාවක රේගුව මගින් අත්අඩංගුවට ගැනුණා. ඒ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී.
මෙම ගුවන් මගියා ඩුබායි සිට දිවයිනට පැමිණි අයෙකු වන අතර ඔහු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුගේ ගමන් මළු තුළත් ගුවන්තොටුපොළ සේවිකාව තම අත් බෑගයේත් රන් බිස්කට් සගවා ගෙන ගුවන්තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කිරීමේදීයි මෙම දෙදෙනාම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණේ.
The post කෝටි 20ක රන් බිස්කට් සමඟ සේවිකාවක් සහ මගියෙක් රේගු අත්අඩංගුවට appeared first on ITN News.