ඉන්දියාවේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්යාව යළිත් ඉහළට
ඉන්දියාවේ දිල්ලි නගරයෙන් දෛනිකව රෝහල්ගතවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 ට පමණක් දිල්ලි නගරයේ රෝහල්ගතවූ කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබෙනවා.
ඒ අඛණ්ඩව 12 වන දිනටයි. එමෙන්ම කොරෝනා මරණ 10 ක්ද සිදුව ඇති බව සදහන්. මාස 6 කට පසු වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද එය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
වයිරස ව්‍යාප්තිය මැඩලීමට මුඛ ආවරණ පළදින ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නැතහොත් ඉදිරි කාලයේ දී භයානක තත්ත්වයන් උද්ගතවිය හැකි බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.
මේ අතර ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාරකෝටි හතලිස් දෙලක්ෂයකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 527,134 ක්.
The post ඉන්දියාවේ දෛනික කොරෝනා නව ආසාදිතයින් සංඛ්යාව යළිත් ඉහළට appeared first on ITN News.