එක්සත් ජාතීන් සහ ශ්රී ලංකා රජය තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සියලුම නියෝජිත ආයතනවල කටයුතු මෙහෙයවන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව සහ ශ්රී ලංකා රජය අතර ගිවිසුමකට අත්සන් තැබුණා.
ශ්‍රී ලංකාව සදහා තිරසර සංවර්ධන රාමුවකට මෙලෙස අත්සන් තැබුණේ මුදල් අමාත්‍යාංශයේදීයී.
තිරසර සංවර්ධනය සදහා වූ 2030 න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරාගැනීම සදහා ශ්‍රී ලංකාවට සහායවීම එක්සත් ජාතීන්ගේ අරමුණයි.
ඒ අනුව ඉදිරි වසර 5 සදහා අදාළ සහයෝගීතා රාමුව වෙනුවෙනුයි අදාල ගිවිසුමට අත්සන් තැබුණේ.ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබුවා.
එක්සත් ජාතීන් වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියයි.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, අරමුදල් සහ වැඩසටහන් ප්‍රධානීන් ද ඊට අත්සන් තැබුවා.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සහයෝගීතා රාමුව සදහා ඇස්තමේන්තුගත ප්‍රතිපාදනය ඇමෙරිකා ඩොලර් මිලියන 60 ක්.
අදාළ පස් අවුරුදු කාලය තුළ වෙනත් සම්පත් කාලය සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 325 ක් ලබා දෙනු ඇති.
විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ කාර්යාලයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඩේවිඩ් මැක්ලච්ලන් කාර් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
The post එක්සත් ජාතීන් සහ ශ්රී ලංකා රජය තිරසර සංවර්ධන සහයෝගීතා රාමුවකට අත්සන් තබයි appeared first on ITN News.