How can Sri Lankan charities find international donors and partners?

ත්රස්තවාදය වැළැක්වීමේ පනත පිලිබඳ කෙටි විශ්ලේෂණයක් 

- colombotelegraph.com

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු රඳවා ගැනීමේ නියෝගය අනුව ඔහු දින 90 ක් රඳවා තබාගත හැක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කර ගන්නා ලද්දේ වර්ෂ 1979 දීය. එය පනවන ලද්දේ තාවකාලික නීතියක් වශයෙනි. එනමුත් වර්ෂ 1982 දී සංශෝධනයක් මගින් එහි තිබූ තාවකාලික බව ඉවත් කරන ලදී.

ත්‍රස්තවාදය යනු දේශපාලන හෝ ආගමික හෝ අරමුණු රාජ්‍යය වෙතින් සපුරා ගැනීම සඳහා විශේෂයෙන්ම සාමාන්‍ය පුරවැසියන්ට  හිංසා කිරීම, ඔවුන් බියගැන්වීම, ඔවුන්ගේ ජිවිත හානි කිරීම  සහ රාජ්‍ය හා පුද්ගලික දේපල වලට හානි කිරීම යි.  

ත්‍රස්තවාදය වලක්වා ගත හැක්කේ ත්‍රස්තවාදය ඇතිවන හේතු වලක්වා ගැනීමෙනි. එසේ නොමැතිව මර්දනය තුලින් නොවේ. මර්දනය තුලින් තවත් ත්‍රස්තවාදීන් බිහිවේ. 

ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ පුරවැසියන්ගේ සාධාරණ සහ සාමකාමී දේශපාලන ඉල්ලීම් වලට සංවේදී නොවූ බැවින් ඒ වන විට ඔවුන් සන්නද්ධ අරගලයක් දෙසට තල්ලු වෙමින් සිටියහ. එය මර්දනය සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා ලදී.  මෙය ඉතා කුරිරු නීතියක් වුවත් බොහෝ දෙමළ ජාතික අහිංසකයන් මෙම නීතිය යටතේ මර්දනයට ලක් වුවත් දකුණේ සිංහල සමාජය වෙතින් බලවත් විරෝධයක් එයට එල්ල නොවීය.

යුද්ධය අවසන් වීමෙන් පසුවද මෙම පනත එසේම පවත්වා ගෙන යන ලදී. ඉන් පසුව එවකට පැවති ආණ්ඩුව විසින් අලුතෙන් නිර්මාණය කරන ලද සතුරා වූ මුස්ලිම් ජනතාවට එරෙහිව ද මෙම පනත යොදා ගන්නා ලදී. වරෙක මුස්ලිම් ජාතික පළාත් සභා මන්ත්‍රීවරයකු වූ අසාද් සාලිද මෙම පනත යටතේ සිරගත කරන ලදී. මේ සඳහා ප්‍රමුඛතම උදාහරණයක් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව නීතිඥ හිජාස් හිස්බුල්ලා මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර දෙකකට අසන්න කාලයක් රඳවා ගැනීමෙන් පසු චෝදනා විරහිතව නිදහස් කිරීමයි. තරුණ කවියකු වූ අහ්නාෆ්  ජසීම් ඔහු විසින් ලියන ලද කවියක් හේතුවෙන් මාස 18 ක් රඳවා ගැනුනේද මෙම පනත යටතේය.

මෙම අත්අඩංගුවට ගැනෙන අවස්ථාවේදීම ඒවාට පදනමක් නොමැති බව සමාජයේ බොහෝ දෙනෙක් දැනගෙන සිටියහ. එනමුත් බලධාරීන්ට එම නිගමන වලට ඒමට බොහෝ කාලයක් ගතවී තිබේ. මෙම පනත යටතේ රඳවාගත් දෙමල ජාතිකයන් බොහෝ පිරිසක් තවමත් බන්ධනාගාර වල සිටිති.

රටක සුළු ජාතීන් හෝ මහා ජාතිය හෝ වශයෙන් ජනතාව බෙදී සිටිය යුතු නැති අතර සිටිය යුත්තේ පුරවැසියන් පමණකි. නමුත් මෙරට තත්ත්වය එසේ නොවේ. ඒ අනුව සුළු ජාතීන්ට එරෙහිව යොදා ගැනුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මහා ජාතියේ සාමාජිකයන්ටද එරෙහිව යොදාගනිමින් පවතී. එබැවින් පෙරට වඩා බොහෝ පිරිසක් මෙම පනතට එරෙහි වෙමින් සිටිති. 

ලොව පුරා  රාජ්‍යයන් ත්‍රස්තවාදී විරෝධී පනත් සම්මත කරගෙන ඇත.  වර්ෂ 2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවේ කෙරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව මෙම ත්‍රස්තවාදී විරෝධී පනත් ලොව පුරා රාජ්‍යයන්හි සම්මත වීමේ ප්‍රවනතාවක් ඇතිවිය. එයට හේතු වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා ගණනාවක් මගින් ස්වාධින සාමාජික  රාජ්‍යයන් ගෙන් එසේ කරන ලෙස කර තිබූ බලපෑමයි.

වර්ෂ 2006 දී සම්මත කරගත් ප්‍රංශ ත්‍රස්තවාදී විරෝධී නිතිය අනුව විශේෂ අවස්ථාවලදී අධිකරණ නියෝගයක් ලබාගෙන සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකර සහ චෝදනාවක් නොමැතිව දින 6 ක කාලයක් රඳවා ගැනීමට අවස්ථාව තිබේ. 

එක්සත් රාජධානියේ වර්ෂ 2000 ත්‍රස්තවාදී විරෝධී නිතිය අනුව සැකකරුවකු දින 7 ක් රඳවා තබා ගත හැක.වර්ෂ 2003 කල සංශෝධනයට අනුව රඳවා ගැනීමේ කාලය දින 14 දක්වා වැඩි කල අතර වර්ෂ 2006 කල සංශෝධනයට අනුව එම කාල සීමාව දින 28 දක්වා වැඩි විය. කෙසේ නමුත් මෙම දින ගණන රඳවා තබා ගත හැක්කේ රඳවා ගත් මුල් පැය 48 තුල ලබා ගන්නා අධිකරණ නියෝගයකින් පමණි. ටෝනි බ්ලෙයාර් බ්‍රිතාන්‍ය අගමැතිව සිටි යුගයේ රඳවා ගැනීමේ කල සීමාව දින 90 දක්වා වැඩි කිරීමට උත්සාහ ගත් අතර ඊට පසුව අගමැතිවූ ගෝඩන් බ්‍රවුන් එය පිළිවෙලින් දින 56 සහ 42 ලෙස වැඩි කිරීමට උත්සාහ ගත්තේය.ඔවුන් දෙදෙනාගේම උත්සාහ අසාර්ථක විය.

ඉන්දියානු ත්‍රස්තවාදී විරෝධී නිතිය අනුව විනිසුරු වරයකුට චෝදකයා ගේ ඉල්ලීම අනුව චෝදනා විරහිතව සැකකරුවකු රඳවා ගැනීමට නියෝග කල හැකි කාලයේ උපරිමය දින 180 කි. එම කාලයෙන් දින 30 ක් සැකකරුවකු පොලිසිය භාරයේ තබාගත හැක. පාකිස්තානයේ මෙම නිතිය යටතේ මෙම කාලය දින 90 කි. එම රඳවා ගැනීමට එරෙහිව අධිකරණයට යාමට ද නොහැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය දීර්ඝ කාලයක් තිස්සේ අභ්‍යාස කර ඇති රටවල මෙම නීති වල කුරිරු ස්වභාවය අඩු වන අතර එසේ නොවන රටවල ඇති නීති වල කුරිරු ස්වභාවය වැඩිවේ. ශ්‍රී ලංකාව වැනි රටක්  රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කර ඇතත්   එහි සාරය සිය වටිනාකම් පද්ධතිය තුලට අන්තර්ග්‍රහණය කරගෙන නැත.

ශ්‍රී ලංකාවේ ඇතිවුන කැරලි වලදී කැරලිකරුවෝ ද රාජ්‍යය ද හැසිරුනේ ඉතාමත් ප්‍රචණ්ඩකාරීවය. මෙම ප්‍රචණ්ඩකාරීත්වය ශ්‍රී ලංකික සමාජයෙන් තුරන්වී නොමැති අතර රාජ්‍යය ද ජනතාවද තවමත් ඉඩ ලැබුණු සැනෙන් එම ප්‍රචණ්ඩකාරීත්වයට නැඹුරු වෙති. එක පාර්ශවයක්  ප්‍රචණ්ඩත්වයට නැඹුරු වූ විට අනෙක් පාර්ශ්වය එම ප්‍රචණ්ඩත්වයෙන් ම හෝ ඊට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයකින් ප්‍රතික්‍රියා දැක්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. 

ඉතා සාමකාමිව  කරගෙන ආ අරගලයට  මැයි 9 වන දින රාජ්‍යය ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතික්‍රියා  දැක්වූ අතර ජනතාව එම ප්‍රචණ්ඩත්වයට එයට වඩා වැඩි ප්‍රචණ්ඩත්වයකින් පිළිතුරු දුන්හ. එමතුද නොවේ. එවැනි තත්ත්වයකට ප්‍රතික්‍රියා  දැක්විය යුත්තේ ඒ ආකාරයෙන් යයි සාමාන්‍ය ජනතාව බොහෝ දෙනෙක් සිතූහ. එහි අර්ථය නම සමස්ත සමාජය ප්‍රචණ්ඩත්වය කරා ගොස් ඇති බවයි.

අනෙක් උදාහරණය නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවූ ආකාරයයි. පසුගියදා බ්‍රිතාන්‍යයේ අගමැති බෝරිස් ජොන්සන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.ඒ ඔහු කොවිඩ් සමයේ අදාල නීති නොතකා අගමැති නිල නිවාසයේ සාද පැවැත්වූ බවට වූ චෝදනාවයි. අපේ රටේ තත්ත්වය අනුව එය සිල්ලර චෝදනාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමති මණ්ඩලයේ බලවත් විරෝධය නිසා ඔහු එම තීරණයට එළඹුනේය. ගෝඨාභය රාජපක්ෂ ඊට වඩා ඉතාමත් බරපතල මුළු රටම අගාධයට හෙලන අන්දමේ වැරදි කර ඒවා පිළිගන්නා තත්ත්වයට පත්වූ මුත් ඉල්ලා අස් නොවිය. ජනතාවට ඔහු පන්නා දැමීමට සිදුවිය. මෙම ක්‍රියාදාමය බ්‍රිතාන්‍යයේ සාමකාමී තත්ත්වය ඉක්මවිමකි. අප වැනි බොහෝ රටවල තත්ත්වය මෙසේය.

ඉන්දියානු නිදහස් අරගලයේ එක් අවස්ථාවක ගොරොක්පූර් හි දී පොලිස් ප්‍රහාරයක් එල්ලවී අරගල කරුවන් කිහිප දෙනෙකු  මිය ගිය විට  අරගලකරුවෝ එම පොලිසියට පහර දී පොලිස් නිලධාරීන් 20 දෙනෙකු  සමඟ පොලිස් ස්ථානයට ගිනි තැබූහ. එම ප්‍රචණ්ඩකාරීතත්වයට එරෙහිවූ ගාන්ධි එයට ප්‍රතික්‍රියා වශයෙන් නිදහස් අරගලය තාවකාලිකව නවත්වා දැමිය.මොතිලාල් නේරු ඇතුළු අරගල නායකයන් අරගලයේ උච්චතම අවස්ථාවකදී මෙසේ කිරීම අරගලයට පාඩුවක් බව කීවත් ගාන්ධි කියා සිටියේ ප්‍රචණ්ඩත්වය අරගලයට ඊට වඩා වැඩි පාඩුවක් බවය. නිර්ප්‍රචණ්ඩ අරගලය නිර්ප්‍රචණ්ඩ ලෙසම ඉදිරියට ගෙන යාමට ගාන්ධි නායකත්වය දුන්නේය.

ශ්‍රී ලංකාව එසේ නොවේ. නිදහස සඳහා විශාල අරගලයක් නොකලත් නිදහසෙන් පසුව අධිකාරිවාදී රාජ්‍යයන්ට එරෙහිව කරන ලද සන්නද්ධ අරගල හේතුවෙන් සමස්ත සමාජයම ප්‍රචණ්ඩකාරී වී තිබේ. මෙම ප්‍රචණ්ඩකාරිත්වය රාජ්‍යය ද ජනතාවද අභ්‍යාස කරති.

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී විරෝධී පනත මගින් බොහෝ අහිංසක මිනිසුන් වින්දිතයන් බවට පත්වී තිබීමට ප්‍රධාන හේතුව මෙයයි. එය බොහෝ විට බල අධිකාරිය විසින් පනත යටතේ අත්  අඩංගුවට ගන්නා ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුන පුද්ගලයන්ට වඩා වැඩි විය හැක.මේ පිළිබඳව ඇති දත්ත කිසිවකු විශ්ලේෂණය කර ඇත්දැයි නොදනිමි.  

අනෙක් අතට රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවලදී අදාල සැකකරුවන් අත් අඩංගුවට ගෙන් ප්‍රශ්න කිරීමට රාජ්‍යයට හැකියාව තිබිය යුතුය. ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදිය හැකි යයි සැක කෙරෙන   සැකකරුවන් වෙනත් සැකකරුවන්ට වඩා කාලයක් රඳවා තබා ගත යුතු යයි අපි දනිමු. නමුත් එම කාලය අවුරුදු දෙකක් වැනි කාලයක් විය යුතු නොවේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2021 දෙසැම්බර් 22 දින දරන ලිපියක්  එවකට සිටි විදේශ ඇමතිවරයා වෙත යොමු කරමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන ගණනාවක් යෝජනා කර තිබුණි. ඒවා ඔවුන්ගේ මූලික යෝජනා බවත් විස්තරාත්මක යෝජනා පසුව ඉදිරිපත් කරන බවත් කියා තිබුණි.

පනතේ වැරදි ලෙස දැක්වෙන්නේ භෞතිකව කරන ලද දේවල් ය. නීතිඥ සංගමය විසින් එයට චේතනාවද එකතු  කරන ලෙස යෝජනා කර තිබේ. වසරකට වැඩි කාලයක් රඳවා ගෙන සිටින සැකකරුවකුට ඇප ලබාදීමට ද ඔවුන් යෝජනා කර තිබේ. එමෙන්ම පනත අනුව අපරාධ පිළිබඳව තොරතුරු දැන ගෙන එය ඉදිරිපත් නොකර සිටීම වරදකි. මෙය සංශෝධනය කරමින් චේතනාන්විතව තොරතුරු ඉදිරිපත් නොකර සිටීම පමණක් වරදක් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

පනත අනුව රඳවා ගැනීම් සිදුවන්නේ අධිකරණ සුපරික්ෂාවකින් තොරවය. වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට හැකි අතර  රඳවා ගැනීම අධිකරණයේ ප්‍රශ්ණ කල නොහැක. අත්අඩංගුවට ගත් පුද්ගලයකු  පැය 72 ක කාලයක් තුල අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එනමුත්  ඇමතිවරයාට අභිමතය පරිදි සැකකරු මාස තුනක කාලයක් රඳවා ගැනීමට නියෝග කල හැකි අතර එය මාස 18 ක් දක්වා දීර්ඝ කල හැක. වසන්ත මුදලිගේ රඳවා ගන්නේ මේ අනුවයි. පනත අනුව එවැනි සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කල යුතු නොවේ. රඳවා ගැනීම් අධිකරණ සුපරික්ෂාව යටතේ සිදුවියයුතු යයි නීතිඥ සංගමය කියා සිටින අතර එයට හේතුව වන්නේ එසේ නොමැති සැකකරුවන් වධ හිංසා වලට භාජනය විය හැකි නිසාය.

ඇමතිවරයාගේ අභිමතය පරිදි සැකකරුවකුගේ යාම් ඊම් වල නිදහස අහිමි කිරීමට පනත අනුව අවකාශ තිවේ. ජාත්‍යන්තර නීතිය අනුව මෙය රඳවා ගැනීමකි. එබැවින් මෙය අධිකරණ සුපරික්ෂාව යටතේ කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලයි. 

එමෙන්ම ඉහත සඳහන් ඇමතිවරයාගේ බලතල ද්විත්වය අධිකරණයේ වාරණ නියෝග වලටද මූලික අයිතිවාසිකම් පෙත්සම් පැවරීමට ඇති අයිතියටද යටත් විය යුතු බව නීතිඥ සංගමය කියයි. ප්‍රකාශන අයිතියට බාධාවන 14 වන වගන්තිය ඉවත් කලයුතු හෝ සංශෝධනය කලයුතු බව ද ඔවුහු කියා සිටිති.

පාපොච්චාරණ සම්බන්ධයෙන් සාක්ෂි ආඥාපනතේ 24 වන වගන්තිය බලාත්මක කල යුතු බවත් පනතේ 16, 17 හා 18 වගන්ති නිශේධනය කලයුතු බවත් පනතේ ඇති ජනාධිපති විසින් පත් කරන උපදේශක සභාව අහෝසි  කල යුතු බවත් ඒ වෙනුවට අධිකරණ සුපරික්ෂාව ආදේශ කල යුතු බවත්  ඔවුහු කියති. එමෙන්ම සැකකරුවන්ට ඔවුන්ගේ නීතිඥයන් සහ ඥාති මිත්‍රයන් හමුවීමට ඇති අයිතිය තහවුරු කල යුතු බවත් චෝදනා වලට අත්හිටවූ සිර දඬුවම් කිරීමට අවකාශ තිබිය යුතු බවත් නඩු විභාග ඉක්මනින් පැවැත්විය යුතු බවත්  ඔවුහු කියති.

 නීතිය ක්‍රියාත්මක වන මුලධර්මය අනුව එය වඩාත් බර තබන්නේ අපරාධකරුවන් නිදහස් වීම වැළැක්වීමට වඩා අහිංසකයන් ට දඬුවම් ලැබීම වැළැක්වීමටය.  මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක වන්නේ මෙයට ප්‍රතිවිරුද්ධවයි.අධිකරණය ක්‍රියාත්මක වන අන්දමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ක්‍රියාත්මක විය නොහැකි බව අපි දනිමු. විශේෂයෙන්ම ත්‍රස්තවාදය සම්බන්ධව රාජ්‍යයට ලිහිල් අන්දමින් කටයුතු කල නොහැකි බවද අපි දනිමු. එසේ වුවත්  හිජාස් හිස්බුල්ලා ගේ අහ්නාෆ්  ජසීම් ගේ සහ රඳවා ගෙන සිටි සහ සිටින අති විශාල දෙමල ජාතික තරුණයන් පිරිසකගේ අත්දැකීම් අනුව රාජ්‍යය මිට වඩා ශිෂ්ට  විය යුතු බව මම සිතමි. අපට ඇත්තේ අශිෂ්ට   රාජ්‍යයකි. එයට ප්‍රතික්‍රියා වශයෙන් පුරවැසියෝද අශිෂ්ට  වෙති. 

The post ත්රස්තවාදය වැළැක්වීමේ පනත පිලිබඳ කෙටි විශ්ලේෂණයක්  appeared first on Colombo Telegraph.

You may also like

- adaderana.lk

Chinese state energy giant Sinopec is pushing for greater access to Sri Lanka s market, where rival India is also seeking to expand its presence, as it looks to build its first fully-controlled overseas refinery, reflecting a change in the firm s global strategy to compensate for slowing demand growth at home.

- colombogazette.com

President Ranil Wickremesinghe appealed to the public not to back another ‘Aragalaya’. He said there is no need to create instability and force the economy to collapse. The President sought support to move forward and create a better Sri Lanka. He was speaking at the opening of the luxury hotel ITC Ratnadipa in Colombo. The […]

- colombogazette.com

Popular tutor and author Upul Shantha Sannasgala was arrested and later granted bail. Sannasgala was arrested for allegedly defrauding an individual of Rs. 1 million. He was later released on bail by the Welisara Magistrate’s Court. (Colombo Gazette)

- colombogazette.com

The luxury hotel ITC Ratnadipa was declared open by President Ranil Wickremesinghe in Colombo, Thursday. The flagship hospitality icon of ITC Hotels was inaugurated in the presence of Prime Minister of Sri Lanka, Dinesh Gunewardena, Indian High Commissioner to Sri Lanka Santosh Jha and Sanjiv Puri, Chairman and Managing Director, ITC Ltd, India. The luxury […]

- island.lk

‘ITC Ratnadipa Colombo’ the 352 room super luxury hotel was declared open by President Ranil Wickremesinghe today (25). ITC’s Hotel Group  one of India’s leading luxury hotel chains, is reported to have invested close to US $ 500 million through it’s subsidiary Welcom Hotels Lanka.

- adaderana.lk

Sri Lanka and Singapore have signed a Memorandum of Understanding (MoU) with a view to working together to promote the boating and yachting industries.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc