ව්යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
රුපියල් 1000 සහ 5000 ව්‍යාජ නොට්ටු මුද්‍රණය කළ සැකකරුවකු එම නෝට්ටු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක් තුළ මෙම නෝට්ටු මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ සඳහා යොදාගත් ස්කෑනර් යන්ත්‍රය ද පොලිස් භාරය ගෙන තිබෙනවා. ලැබුණ තොරතුරකට අනුව පොලීසිය මෙම නිවස පරික්ෂා කිරීමේදී සැකකරු පාර්සලක් ඉවතට විසිකර තිබෙනවා. එය පරික්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 10 ක් සහ 5000 නොට්ටු දෙකක් සොයා ගැනුනා. සැකකරු මීට වසර දෙකකට පෙර ද ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය සහ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බවයි පොලීසිය පවසන්නේ.
.
The post ව්යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.