අනතුරුදායක මොණරුන් ? – පුවරුවේ වැරැද්ද ඇමෙරිකා තානාපතිනිය දකියි
මාර්ග පුවරුවක් සම්බන්ධයෙන් ඇමෙරිකා තානාපති ජුලි චුංග් මහත්මිය සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වා තිබෙනවා.
ඒ ඇය පළමු වරට ඇය දකුණු පළාතේ සිදුකරන නිල සංචාරය අතරතුර දුටු මාර්ගයක සවිකර තිබූ පුවරුවක් සම්බන්ධයෙනුයි.
‘මොණරුන් බහුල ප්රදේශයක්’ යන්න සිංහලින් සඳහන් කර තිබූ පුවරුවේ ඉංග්රීසියෙන් සඳහන් කර ඇත්තේ ‘DANGER PEACOCKS AHEAD’ යනුවෙනි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා ජීවිතයේ කිසිම දිනක අනතුරුදායක මොණරුන් දැක නැති බවයි.
The post අනතුරුදායක මොණරුන් ? – පුවරුවේ වැරැද්ද ඇමෙරිකා තානාපතිනිය දකියි appeared first on ITN News.