How can Sri Lankan charities find international donors and partners?

මහ රැජිනගේ දේහය වින්ඩ්සර්හි රාජකීය දේහ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරයි

- itnnews.lk

හිරු නොබසින අධිරාජ්‍යයේ ඓතිහාසික පරිච්ඡේදයක නිමාව සටහන් කරමින් අභාවයට පත් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණ අද අවසන් ගමන් ගියා.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති ප්‍රධාන දේව මෙහෙයෙන් අනතුරුව රැජිණගේ දේහය මිහිදන් කෙරුණා. මෙම අවමංගල්‍ය උත්සවය ලොව පුරා බිලියන හතරකට වැඩි පිරිසක් අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර 70කට අධික කාලයක් එක්සත් රාජධානියේ කිරුළ දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණ පසුගිය 08 වනදා අභාවප්‍රාප්ත වන විට 96 වියෙහි පසු වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙසින් ද ඇය ඉමහත් සේවාවක් ඉටු කළා. ලොව දීර්ඝ කාලයක් රජකම් කළ  කාන්තාව ලෙස ද දෙවන එලිසබත් රැජිණ සැලකෙනවා. අභාවයෙන් පසු මහජන ගෞරවය සදහා ඇයගේ දේහය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලවේ තැන්පත් කර තැබුණා. වැළ නොකැඩී දහස් ගණනක පිරිස් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා. රාජ්‍ය නායකයින් රැසක් මෙන්ම විදේශීය සම්භාවනීය අමුත්තන් දෙදහසකට වැඩි පිරිසකට අවමංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා ලන්ඩනයට පැමිණ සිටියා. ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ඊයේ දෙවන එලිසබත් මහ රැජිණට අවසන් ගෞරව දැක්වීම සදහා එක්ව සිටියා. මේ අතර ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු විදෙස් රාජ්‍ය නායකයින් රැසක් ද අවසන් ගෞරව දැක්වූවා. රාජ්‍ය නායකයන් වෙනුවෙන් තුන්වන චාල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාළිගයේදී නිල රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මේ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවම වශයෙන් පැය 15ක පමණ කාලයක් පෝලිම්වල රැදී සිටීමටයි එරට ජනතාවට සිදුව තිබුණේ. එමෙන්ම අධික ශිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පෝලිම්වල සිටින පිරිස් ගිලන් රථ මගින් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද සදහන්. එමෙන්ම බොහෝ පිරිසක් කූඩාරම්වල රැදී සිටිමින් මග දෙපස රැය පහන් කරන ආකාරය බිබීසී රූපවාහිනිය වාර්තා කළා. රාජකීය අවමංගල්‍ය උත්සවයේ සජීව දර්ශන සිනමා ශාලා,  උද්‍යාන ඇතුළු බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමට එරට රජය අවසර ලබාදී තිබෙනවා. එමෙන්ම දෙවන ලෝක යුද සමයෙන් පසු බ්‍රිතාන්‍යයේ විශාලතම ආරක්ෂක මෙහෙයුම ද මහ රැජිණගේ අවමංගල උත්සවයට අදාළව සිදුකෙරෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඩ්‍රෝන යානා යොදාගනිමින් ස්ථානගත කරමින් නිරීක්ෂණ කටයුතු ද සිදුකෙරෙනවා. මීට අමතරව ලන්ඩන් ඇතුළු ප්‍රදේශවල උස් ගොඩනැගිලි මත ආයුධ සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමටත් කටයුතු කර තිබෙනවා. අවසන් ගෞරව දැක්වීම සදහා වැල නොකැඩී පැමිණෙන බ්‍රිතාන්‍ය ජනතාවට ස්තූතිය පළ කිරීම සදහා තුන්වන චාල්ස් රජු කැමිලා පාකර් මෙහෙසිය මෙන්ම රාජකිය කුමරිය වන ඈන් කුමරිය ද එක්ව සිටියා. විලියම් කුමරු සහ හැරී කුමරු එකම මෝටර් රථයක නැග සිය මෙහෙසියන්  සමග පැමිණ සිටින ආකාරය දැක ගත හැකි වුණා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ තමාට සහ පවුලේ සාමාජිකයන්ට ලැබුණු මහජන සහයෝගය තම හදවත ගැඹුරු ලෙස ස්පර්ශ කළ බවයි.

මේ අතර ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක ද අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පාලමේ ධජය ද අඩකුඹු කර ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර ශ්‍රී ලංකාවේ ද ජාතික ධජය අඩකුඹු කිරීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළා.

එලිසබෙත් මහ රැජිනගේ දේහයට අද උදෑසන 6.30 දක්වා අවසන් ගෞරව දැක්විමට එරට ජනතාවට අවස්ථාව ලබා දී තිබූ අතර ඉන් පසුව දේහය වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටතට රැගෙන යාම එරට නාවික හමුදා නිලධාරින් කටයුතු කළා. ඒ හමුදා උත්තමාචාර මධ්‍යයේයි. මේ සදහා හමුදා බටයන් 142නෙකු ඇදගෙන යන කාලතුවක්කු කරත්තයක් භාවිත කිරීම විශේෂත්වයක්. මීට පෙර එය භාවිත කර තිබුණේ රැජිණගේ පියාගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන්. මෙම අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් සහ සම්භාවනීය අමුත්තන් මෙන්ම ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන් පැමිණීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ඊට එක්ව සිටියා. අමුත්තන්ගේ පැමිණීමෙන් පසු දේහය එහි තැන්පත් කිරීම සිදුවුණා. දේහය රැගෙන එන අවස්ථාවේ එය පසුපසින් තුන්වන චාල්ස් රජු සහ පවුලේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට එක්ව සිටීම කැපී පෙනුණා. මෙහිදී රැජිණගේ දේහය රැගත් පෙට්ටිය මීට වසර හතකට පෙර ඕක් ලීයෙන් තනන ලද්දක්. එය මත රාජකිය ධජය සහ රැජිණගේ රාජ අභිශේකය සදහා භාවිත කළ ඔටුන්න , රාජකීය යශ්ටිය සහ ගෝලය ද තබා තිබුණා.  පසුව අවමංගල්‍ය උත්සවයේ ප්‍රධාන දේව මෙහෙය ආරම්භ කෙරුණා. ඒ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් විසින්. එහි දී පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය මෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මේරි එලිසබෙත් ට්‍රස් ද ශෝක පණිවිඩ ඉදිරිපත් කළා.  වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ දේව මෙහෙයෙන් අනතුරුව අවමංගල්‍ය පෙරහැර වින්ඩ්සර් මාලිගය දක්වා ගමන් කිරීම ඇරඹුනා. හයිඩ් පාක් කෝනර් හි වෙලින්ටන් ආරුක්කුව හරහා රැගෙන යාමෙන් පසු දේහය වින්ඩ්සර් මාලිගය වෙත රැගෙන යාම සිදුවුණා. එහි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී පවුලේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඉන් පසු රැජිණගේ දෙමව්පියන්, සහෝදරිය හා රැජිණගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහයන් තැන්පත් කර තැබෙන  ස්ථානයේම දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහය තැන්පත් කෙරෙනු ඇතියි. එම පෙට්ටියේ ඇති ඊයම් ආවරණය නිසා ඇතුළතට වාතය කාන්දු නොවීමෙන් තවත් බොහෝ කාලයක් රැජිණගේ දේහය සුරක්ෂිතව පවතිනු ඇතැයි වාර්තා වනවා.

මේ අනුව ලෝකයක් පාලනය කරන්නට තම ජීවිතයම කැප කළ දෙවන එලිසබෙත් මහ රැජිණ බ්‍රිතාන්‍ය ජනතාවගෙන් පමණක් නොව ලොවෙන්ම අද දිනයේ සමුගත්තා.

 

 

The post මහ රැජිනගේ දේහය වින්ඩ්සර්හි රාජකීය දේහ සුරක්ෂිතාගාරයේ තැන්පත් කරයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

A 53-year-old man from Sri Lanka, internationally wanted for a murder committed in Bucharest in 1991 and arrested in Germany at the beginning of this year, will be brought to Romania on April 23 to serve a 19-year prison sentence.

- adaderana.lk

A 17-year-old boy who was bathing in the Castlereagh Reservoir is reported missing after being swept away by strong water currents.

- island.lk

The ongoing global spread of “bird flu” infections to mammals including humans is a significant public health concern, senior UN medics said on Thursday, as they announced new measures to tackle airborne diseases. Dr Jeremy Farrar, Chief Scientist at the World Health Organization (WHO),  said that the avian influenza virus – which is also known […]

- island.lk

Sri Lanka Army, on the directions of the Ministry of Defence, has declared a General Amnesty for the period of one month starting from 20 April to 20 May 2024 to all Army absentees, enabling them to receive an official discharge from their service. During the officially declared general amnesty period, Army absentees have been […]

- adaderana.lk

The State-Owned Enterprise Restructuring Unit (SRU) of the Finance Ministry has officially released the names of the local and foreign firms that have submitted responses to the respective requests for quote and the shortlisted bidders for the divestiture of shares held by the Government of Sri Lanka in several key state-owned enterprises...

- adaderana.lk

Two scientists whose connection was sparked in Saskatchewan are working together from different sides of the globe to improve animal health in Sri Lanka, in hopes of addressing a potential global health threat.

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc