මෑත වසර 9 ක් තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්ය වර්ධනය 6.6% ක්
චීන දළ දේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩව මෑත වසර 9 ක් තුළ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 6.6% ක් ලෙසට වාර්තා වෙයි. චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගිය 18වැනිදා නිකුත් කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු චීනයේ ආර්ථික හා සමාජ ජයග්‍රහණ පිළිබඳ වාර්තාවේ ඒ බව දැක්වේ. 2013 සිට 2021 දක්වා කාලය තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්ය වර්ධනය 6.6% ක් වූ අතර එම කාලයේ ලෝකයේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 2.6% ක් විය. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් හී සාමාන්‍ය වර්ධනය 3.7% කි. ලෝක ආර්ථික වර්ධනයට චීනය ලබා දුන් දායකත්වය 30% ඉක්මවා ඇති අතර එය ලෝකයේ පළමු ස්ථානයට පැමිණ ඇත.
2021 දී චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් 80976 ක් විය. මිල සාධකයන් බැහැරව සැලකීමේ දී එය 2012 වසරට සාපේක්ෂව 69.7% කින් වැඩි වී ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
The post මෑත වසර 9 ක් තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්ය වර්ධනය 6.6% ක් appeared first on ITN News.