යුක්රේනයේදී බේරාගත් ශ්රී ලාංකිකයින් 07 දෙනා මව්බිමට පැමිණීම ප්රතික්ෂේප කරයි
පසුගියදා යුක්රේනයේදී මුදාගත් ශ්‍රී ලාංකිකයින් හත්දෙනා නීතිවිරෝධී සංක්‍රමණිකයන් බවත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනාවරණය කර තිබෙනවා.
ජනවාරි මාසයේදී මිනිස් ජාවාරම් නියෝජිතයකුගේ සහාය ඇතිව ඔවුන්ව යුක්රේනයට ගෙනැවිත් යුරෝපයට යන තෙක් කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට යොමු කර තිබෙනවා.
රුසියානු ආක්‍රමණයේදී යුක්රේනයේ කුපියන්ස්ක් නගරයෙන් පලා යාමට උත්සාහ කළ පිරිමින් 6 දෙනෙකු සහ එක් කාන්තාවක් රුසියානුවන් විසින් අල්ලාගෙන තිබුණා.
රුසියානුවන් මාර්තු මාසය දක්වා ඔවුන්ට රැකවරණය ලබා දුන් අතර යුක්රේන හමුදා විසින් සොයා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකිකයින්ට ගැටුම්වලින් තොර ප්‍රදේශයක නේවාසිකාගාරයක නවාතැන් ලබා දී තිබෙනවා.
ඔවුන් යුක්රේනයට පැමිණි ආකාරය සහ රුසියානුවන් සමඟ සිටියදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණ කිහිපයක් සිදුවෙමින් පවතී.
ශ්‍රී ලාංකිකයන් හත්දෙනා සිසුන් නොවන බවත්, ඔවුන් සියලු දෙනාම දෙමළ ජාතිකයන් බවත්, ඔවුන් යාපනය, කිලිනොච්චි, උද්දප්පුව, වවුනියාව සහ මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
The post යුක්රේනයේදී බේරාගත් ශ්රී ලාංකිකයින් 07 දෙනා මව්බිමට පැමිණීම ප්රතික්ෂේප කරයි appeared first on ITN News.