විදුලිබිල වැඩි ආගමික ස්ථානවලට පුනර්ජනනීය බලශක්තිය
විදුලි බිල වැඩි ආගමික ස්ථාන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. වැඩිවන විදුලිමිල කළමනාකරණය කර ගැනීම ද වැදගත් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ.
විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වී තිබෙනවා. විහාරස්ථානවල විදුලිබිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බැවින් සහන ලබා දෙන ලෙසයි මහාසංඝරත්නය ඉල්ලා සිටින්නේ. ඒ වෙනුවෙන් ඊයේ දිනයේ මහජන පෙත්සමක්ද අත්සන් තැබුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ විශාල මාසික විදුලිබිලක් සහිත ආගමික ස්ථාන සූර්යපැනල සවිකර පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම සූර්යපැනල මෙරටට ගෙනඒම සදහා ඉන්දියාව හා චීනයේ ණය ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
The post විදුලිබිල වැඩි ආගමික ස්ථානවලට පුනර්ජනනීය බලශක්තිය appeared first on ITN News.