ජාතික සභා විවාදය පාර්ලිමේන්තුවේදී ඇරඹේ
ජාතික සභාව පිළිබද පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙනවා. එය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති.
රටේ ප්‍රශ්න විසදීම සදහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබද යෝජනාව අද ආණ්ඩු පක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඊට අදාළ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත් වෙනු ඇති.
ජාතික සභාවේ සභාපතිත්වය කතානයවරයාට හිමිවන අතර අග්‍රාමාත්‍යවරයා සභානායකවරයා විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයින් විසින් තීරණය කරනු ලබන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් මෙම ජාතික සභාව සමන්විත වනු ඇති.
මේ අතර සනීපාක්ෂක තුවා වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ පිලිබද අදහස් දැක්වූ විශය භාර අමාත්‍යවරුන් කියා සිටියේ සනීපාරක්ෂක තුවා සදහා නිශ්පාදන බදු සහන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවයි.
The post ජාතික සභා විවාදය පාර්ලිමේන්තුවේදී ඇරඹේ appeared first on ITN News.