ආසියානු කාන්තා ශූරතාවට යන ශ්‍රී ලංකා පිල නම් කරයි
ඔක්තෝම්බර් 01 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.
ඔක්තෝම්බර් 16 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වරට ශ්‍රී ලංකාව සහභාගිවුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය සඳහා ඇතුළත් නොවුණු ක්‍රීඩිකාවන් කීප දෙනෙකුට අමතරව තවත් නවක ක්‍රීඩිකාවන් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ.
ඒ අතර ආරම්භක පිතිකාරිණියක් ලෙසින් කටයුතු කරන පාසල් වයසේ ක්‍රීඩිකාවක වන විශ්මි ගුණරත්නද ඇතුළත් වන්නීය. ඇයට අමතරව කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි, මදුශිකා මෙත්තානන්ද සහ රශ්මි සිල්වා යන ක්‍රීඩිකාවන් කණ්ඩායමට පැමිණි සිටිති.
මේ අතර එම තරගාවලියට ඇතුළත්ව සිටි අමා කංචනා, උදේශිකා ප්‍රබෝධනී, ප්‍රසාදිනී වීරක්කොඩි සහ සචිනි නිසංසලා යන ක්‍රීඩිකාවන්ට සිය ස්ථානය අහිහිමිව තිබේ.
කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යාංගනා, ඔෂධී රණසිංහ, මල්ෂා ෂෙහානි, මදුෂිකා මෙත්තානන්ද, ඉනෝකා රණවීර, රශ්මි සිල්වා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි.
The post ආසියානු කාන්තා ශූරතාවට යන ශ්‍රී ලංකා පිල නම් කරයි appeared first on Sri Lanka Cricket.