හෑන්ඩ් බෑගය කොල්ලකෑමට ආ ජෝඩුව තරුණයෙකුත් මරා දමා පැන ගිහින්
ගම්පහ – අකරවිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ කොල්ලකෑමකදී පිහියකින් ඇනීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිමියෙකු සහ කාන්තාවක මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ ගමන් බෑගයක් කොල්ලකෑමට උත්සහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී යතුරු පැදියේ සිටි පුද්ගලයා සහ කාන්තාව බිම ඇඳ වැටී බවයි පොලිසිය සඳහන් කළේ.
අපරාධය සිදුවූ ස්ථානය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු සැකකාර කාන්තාව අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිකරු පිහියකින් එම පුද්ගලයින් දෙදෙනාට ඇන කාන්තාව මුදාගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
The post හෑන්ඩ් බෑගය කොල්ලකෑමට ආ ජෝඩුව තරුණයෙකුත් මරා දමා පැන ගිහින් appeared first on ITN News.