එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ
කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවේ කැදවනු ලැබුවා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
එම කටයුතු අවසන් කර කරුණු ඉදිරිපත් කිරීමට දිනයක් ලබාදෙන ලෙසද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉල්ලීම සළකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව නොවැම්බර් 23වනදා කැදවන ලෙස නියෝග කළා.
The post එක්ස්ප්රස් පර්ල් නෞකා අනතුරේ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ appeared first on ITN News.