කොලොන්නාව ලක්මාල් නොහොත් පරිප්පුවා අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොලොන්නාව ලක්මාල් නොහොත් පරිප්පුවා සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
දෙමටගොඩ ප්‍රදේශයේ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට යාමේදී අවස්ථාවේදී සැකකරුවන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා.ඔවුන් සතුව තිබී කඩු 03 ක් හා මන්නා පිහියක් ද අත්අඩංගුවට ගැනුනා. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් දෙමටගොඩ පොලිස් ස්ථානයට භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරන්නේ.
The post කොලොන්නාව ලක්මාල් නොහොත් පරිප්පුවා අත්අඩංගුවට appeared first on ITN News.