අරගලකරුවන් ත්රස්තවාදීන්ද?
විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පුජ්ය ගල්වල සිරිධම්ම හිමියන් ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90 ක් රඳවා තබා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහගෙන් කළ ඉල්ලීමට අනුමැතිය ලැබී ඇතැයි, පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දූව අද සවස (අගෝස්තු 22දා) පැවසීය.