චීනයේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු සිරගත කෙරේ
දූෂණ චෝදනාවලට වැරදිකරු බවට පත් වූ චීනයේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු සිරගත කර තිබෙනවා.
චීනයේ හිටපු අධිකරණ අමාත්‍ය ෆූ ෂෙංග්වා යුවාන් මිලියන 117 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවීම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබෙනවා. ඔහු ත්‍යාග සහ මුදල් වශයෙන් මෙම අල්ලස් ලබාගෙන ඇති බවයි හෙළි වී ඇත්තේ. අ
ත්හිටුවන ලද මරණ දණ්ඩනයක් ඔහුට නියම කර ඇති අතර ඊට අමතරව සිරගත කිරීමකට ද ලක් වනවා. මීට පෙර චීනයේ පොලිස් ප්‍රධානීන් තුන් දෙනෙකුට ද මෙවැනිම දඩුවම් ලබාදීමට කටයුතු කෙරුණා.
The post චීනයේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු සිරගත කෙරේ appeared first on ITN News.