ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින පවුල්වලට සහන සැළසීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත් වැඩපිලිවෙලක්
ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින පවුල්වලට සහන සැළසීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත් වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා.දිවා ආහාරය සදහා පාසල් දැරියක් පොල් මද රැගෙන ආ බවට පල වූ වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනවා.
ආහාර සපයා ගැනීමට මුදල් නොමැතිකම හේතුවෙන් ශිෂ්‍ය නායිකායක දිවා ආහාරය සදහා කලටි පොල් මද රැගෙන ඒමේ සිදුවීමක් පිළිබද පුවත්පත්වල හා සමාජ මාධ්‍යවල පල වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙසේ අවධානය යොමු කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දිවුලපිටිය කොට්ඨාස අධ්‍යක්ෂවරයා අදාළ පාසලේ විදුහල්පතිවරිය මෙන්ම අදාළ සිසුවිය ජීවත්වන ගම්මානයේ ග්‍රාමනිලධාරී, සංවර්ධන නිලධාරී යන සියලු දෙනාගෙන් ලබාගත් තොරතුරු අනුව එවැනි සිදුවීමක් වාර්තා වී නැති බවට කරුණු තහවුරු වුණා.
කෙසේ වුවද රටේ පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ඕනෑම අයෙකුට සහන සැළසීම සදහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ උපදෙස් මත ජනාධිපති කාර්යාලයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ඒකකයක් පිහිටුවා තිබෙනවා.
එම ඒකකයට සම්බන්ධවීමෙන් සහන සැළසිය යුතු අයට අදාළ තොරතුරු ලබාදිය හැකි වනවා. සාමාජිකයන් 5 දෙනෙකුට වැඩියෙන් සිටින සමෘද්ධි පවුල් , ආබාධිත හා නිධන්ගත රෝගවලින් පෙලෙන අය සිටින පවුල් අවුරුදු 5 ට අඩු ළමයින් සිටින දුගී පවුල්, ස්වාමිය වූ බිරිද නොමැති පවුල් , ගර්භනී සහ කිරිදෙන මව්වරුන් සිටින පවුල්, ප්‍රාථමික අධ්‍යාපනයවත් නොලැබූ දුගී පවුල් , දරුණු ආහාර අහේනියකට මුහුණපා සිටින පවුල් සදහා ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබාදීමට නිර්ණායක ලෙස හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව එවැනි පවුල් සදහා මාසිකව රුපියල් 15,000 ක් ලබාදීමේ හැකියාව ද පවතිනවා. මීට අමතරව අධික ආහාර අහේනියකින් පෙලෙන පවුල් 61,000ක් සදහා රජයෙන් මාසිකව රුපියල් 10,000 ක් මාස 6 ක කාලයක් සදහා ලබාදීමට ද සැළසුම් කර තිබෙනවා.
කෙසේ වුවද මෙම කිසිදු කොටසකට අයත් නොවන පිරිසට ද ව්‍යාපෘතිය යටතේ සහන ලබාගත හැකියි.ආහාර නොමැතිකමින් පෙලෙන පවුල් පිළිබද තොරතුරු පාසල් ගුරුවරුන්ට ද මැදිහත් වී අදාළ අංශ වෙත යොමු කළ හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
The post ආහාර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින පවුල්වලට සහන සැළසීමට ජනාධිපති කාර්යාලයෙන් විධිමත් වැඩපිලිවෙලක් appeared first on ITN News.