අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත හා යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය අතර හමුවක්
අධ්‍යාපන අමාත්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හා යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය අතර හමුවක් නිව්යෝර්ක් හිදී පැවැත්වුණා.
අධ්‍යාපන අමාත්‍යවරයා හා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕඩ්රි අසූලේ මහත්මිය අතර පැවති මෙම හමුවේදී යුනෙස්කෝ සංවිධානය මෙරට අධ්‍යාපනය සදහා ලබා දෙන සහයෝගය පිලිබද අවධානය යොමු කෙරුණා. ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යවරයා ස්තූතිය පළකලා.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කරුනු පැහැදිලි කළ අමාත්‍යවරයා යුනෙස්කෝ සංවිධානයේ නිරන්තර සහාය ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද කියා සිටියා.
The post අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත හා යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්වරිය අතර හමුවක් appeared first on ITN News.