සිරියා මුහුදු සීමාවේදී බෝට්ටුවක් පෙරලීමෙන් 71 දෙනෙකු මිය යයි
සිරියා මුහුදු සීමාවේදී බෝට්ටුවක් පෙරලී යාමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ඇතුළු 71 දෙනෙකු මියගොස් තිබෙනවා. පවතින අනාරක්ෂිත තත්ත්වය යටතේ වෙනත් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.
සිරියා මුහුදු තීරයේ අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් 71 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. දිවි බේරාගත් 20 දෙනෙකු පමණ සිරියාවේ ටාටස් හි රෝහලකට ඇතුළත් කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මිය ගිය පිරිස් ලෙබනනය, සිරියාව සහ පලස්තීනය යන රටවලට අයත් වනවා.
මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. බෝට්ටුව පෙරළෙන අවස්ථාවේදී එහි 120ත් 150ත් අතර පිරිසක් සිටි බව බලධාරීන් සදහන් කළා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.
The post සිරියා මුහුදු සීමාවේදී බෝට්ටුවක් පෙරලීමෙන් 71 දෙනෙකු මිය යයි appeared first on ITN News.